සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්!

Date:

කොළඹ LNW: සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අංක ‘106’ මේ සඳහා හඳුන්වා දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම අංකය මගින් සෘජුවම වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවකදී දැනුම්දීමේ හැකියාව තිබෙන බවයි.

හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීම සහ සමුද්‍රීය ආපදා තත්ත්වයන් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මෙම අංකය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වන අතර එමගින් මෙරට මුහුදු තීරයේ ආරක්‍ෂාව සහ සමුද්‍රීය පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා විශාල වගකීමක් ඉටු කරනු ලබයි.

මුහුදේ ජීවිත හා දේපොළ ආරක්‍ෂාකිරීම, තෙල් කාන්දු කළමනාකරණයේ පළමු ප්‍රතිචාරකයා ලෙස ප්‍රතිචාර දැක්වීම, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් මැඩලීම ඒ අතරින් ප්‍රධාන වන අතර සෝදිසිකිරීම සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු මුහුදේ දී සිදුවන නිතී විරෝධි කටයුතු සඳහා ද මෙම අයතනය සක්‍රියව දායකත්වය සපයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...