පුළුවන් නම් ආරක්ෂක ගිවිසුම එළියට දාන්න – දිලිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්!

කොළඹ LNW:ඉන්දියාව සමඟ එළඹි ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව සර්ව ජනබලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ කිසිලෙසකින්වත් එය සභාගත කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

“NPP රජය පසුගිය දවස්වල මෝදි ජනාධිපතිතුමා එක්ක අත්සන් කරලා තියෙනවා ගිවිසුම් 7ක්. හැබැයි ගිවිසුම් ගැන විජිත හේරත් පාර්ලිමේන්තුවේදී දිර්ඝ ප්‍රකාශයක් කළා. හැබැයි ගිවිසුමේ අන්තර්ගතය ගැන මුකුත්ම කියන්නේ නෑ. ඕනේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්නලු. මේ කොහෙදිද කියන්නේ පාර්ලිමේන්තුවේ දී. දැන් මෙන්න මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා රජය. බරපතල විදියට කණගාටු වෙනවා. කිසිම රජයක් මේ විදියට කරලා නෑ. යම් රාජ්‍යතාන්ත්‍රික හේතුවක් නිසා මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන්න බැරි නම් කෂේරුකාවක් තියාගෙන රජයට පුළුවන්කමක් තියෙන්න ඕනේ, ඔව් අපි අත්සන් කළා ඒක මේන්න මේ හේතුව නිසා ඉස්සරහට දාන්නේ නෑ කියන්න. මේ ගිවිසුම්වල තියෙන අන්තර්ගතය කිසි කෙනෙක් දන්නේ නෑ. දැනගන්න දෙන්නෙත් නෑ.” යනුවෙන් දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...