බිස්නස්කාරයන් මාළිමාවට අනුව හොරෙකුවීමේ බෙහෙත් ගතයුතු මානසික ව්‍යාධිය.?

Date:

අශෝක ජයතුංග

අප්‍රේල් 13 වොෂින්ටන් LNW :


🍎දිලිත් ද වටගලට අනුව පට්ට හොරෙක් නම් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි…..?
🍎ඉලොන් මස්ක් ජවිපෙට ආර්ථික ඝාතකයෙකු නම් දිලිත් ගැන කවර කතා ද….?
🍎දිලිත්ට පහරදී ධම්මික පෙරේරාට වංගු ගසා විදුලි ටෙන්ඩර දීම…..?
🍎අබ්බානි හා අදානිලා ගැන මාළිමාව මෝදිගෙන් ටියුෂන් ගතයුතුවීම…!
🍎දිලිත් ඇන්ටිජන් වලින් ගසා නොකෑ බව මාළිමාව නිළ ලෙස පිළිගැනීම….!

“සී 90 බයිසිකලෙන් ආපු දිලිත් අද කෝටිපතියෙක් වෙලා” යයි මාළිමා පොලිස් නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදී කියා බලය ලබා තිබියදීත් තවම පෙළෙන සමාජ වෛරය, පහත් කුහකකම හා ඊර්ශ්‍යාව රටටම පෙන්නුවේය.දිලිත් කෝටිපතියෙකුවීමට කළ හොරකම් සොයා නිසි ක්‍රියාමාර්ග වලට ගොස් දඬුවම් දී අයථා ලෙස ඉපයූ මුදල් වේ නම් ඒවා රටට පවරාගත හැකි ක්‍රියා මාර්ග වලට යාමේදී පොලීසියේ සහාය උපරිමයට ලබාගතහැකි මිනිසා එසේ නොකර මිනිසුන් චූන් කරන්නට දිලිත් හොරෙක් බව වක්‍රව කීම නිර්ලජ්ජිත වැඩකි.කොටින්ම මඩ ගැසීමකි.

දිලිත් ද රාජපක්ෂවරුන්ගේ ගේ සහාය බිස්නස් වලට ගන්නට ඇත. ධම්මික පෙරේරා, ඉශාර නානායක්කාරලාද එසේමය. එදා දාස මුදලාලි පවා සිරිමාවෝ ගේ සහාය ගත් බව කියවේ. මාස් ,බ්රැන්ඩික්ස් වැනි අද වැඩියෙන්ම විදේශ විනිමය ගෙනෙන ඇගලුම් ව්‍යාපාරිකයන්ට සහාය දුන්නේ ප්‍රේමදාසය. අපේ කෙල්ලන් ලවා සුද්දියන්ට ජංගි මහන බවට සමාජ වෛරය වැපිරූ අය අතරද ජවිපෙ ඉදිරියෙන්ම සිටියේය. ඇමෙරිකාව යුරෝපය ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ද දක්ෂ ව්‍යාපාරික ඥාණයක් ඇති අය ඒ ඒ ආණ්ඩු වලින් විවිධ සහාය ගත් බව නොරහසකි. අද ඉලොන් මස්ක් ජනපති ට්‍රම්ප් ට හේත්තුවී ඇත්තේ ව්‍යාපාර අරමුණු පෙරදැරි කරගෙන බව අමුතුවෙන් කිවයුතු නැත. අම්බානි හා අදානි ට සෘජුවම උදව් කරන මෝදි ගෙන් මාළිමාවට ඔිනෑ නම් ටියුෂන් ගන්නට තිබිණ.

දහදිය මහන්සියෙන් ගමේ කඩයක් කරගෙන, වත්තක් වවමින්, ගමේ භාණ්ඩ කොළඹට හෝ පිටරට යවා ඔලුව උස්සා හොද ගෙයක් තැනූ, හොද වාහනයක් ගත් සෑම මිනිහාම ජවිපෙ විග්‍රහය අනුව දැවැන්ත හොරෙකි.රටත් සමාජයත් සූරාකන තිරිසනෙකි. ජවිපෙ හා හදුන්නෙත්තිට ට ලොව ප්‍රබලම කෝටිපතියා ඉලොන් ආර්ථික ඝාතකයෙක් වූයේ ද ඒ තුළය.තවද දිලිත්ට මඩ ගසමින් මාළිමාව ධම්මික පෙරේරාට වංගු ගසා හොර පාරෙන් විදුලි ටෙන්ඩරදීම තෙරුම්ගත නොහැක්කකි.
ලෝකය ගැන කිසිදු අවබෝදයක් නැතුව ජවිපෙ තවමත් එසේ ක්‍රියා කරනවාද නැතහොත් බොරුකීම හා දියුණුවන මිනිසෙකුට වෛර කිරීම ජවිපෙ ජාන වලින්ම එන කාලකණ්නි රෝගයක් නිසා තවම ඉන් මිදීමට නොහැකිවී සිටිනවාදැයි දන්නේ නැත.

ජනපති කෙනෙක් රටට පච කියන්නේ නැත. එහෙත් අපි එනකොට භාණ්ඩාගාරය බින්දුවේ තිබුණු බව ජනපති අනුර වරෙක කීවේ රටම හිනාවෙන දැඩි පචයකි. අපි එනකොට තෙල් නැව් ගන්නවත් මුදල් නොතිබුණ නිසා නැව් පාවෙමින් තිබුණා. අපි වහාම රට ප්‍රකෘති කරලා තෙල් ගෑස් ගෙනාවා යයි සිහින මුදල් ඇමති හදුන්නෙත්ති කීවෙිය. අපි බාරගන්නකොට ඩො මිලි 20 යි තිබුණේ . දැන් ඩො බිලි 06 ක මහා මුදලක් තියෙනවායි ගාල්ලේ දී කී මාළිමා බයිට් නියෝජ්‍ය ඇමති මහා පචයක් කියන බව දන්නා ජනතාව අත්පොඩි ගැහුවේ නැත. අත්පොඩි ගහපල්ලායි ඔහු බලෙන්ම කීවේ අනතුරුවය. මේ ගැන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ජනමාධ්‍ය ලුනු ඇඔුල් ඇතිවම විමසීය. ඔහුට ඇත්තම කියන්නට සිදුවිය. රනිල් යනවිට ඩො බිලි 06 ක අති දැවැන්ත මුදලක් තිබුණු බව වෛද්‍ය නලින්ද ට පිළිගැනීමට සිදුවිය.

ඒ අනුව ගත්කල එක්කෝ මාළිමාවේ බොහෝ දෙනෙක් මානසික වෛද්‍යවරුන්ට පෙන්විය යුතු අන්දමේ ව්‍යාධි වලින් පෙළේ. නැතහොත් මේ රටේ ජනතාව අමු මීහරක් නිසා ඔිනෑ ඔිනෑ විදියට පච කියා රැවටිය හැකිය යන්න ජවිපෙ සිතා සිටී. මෙම තත්වය ඉතා භයානකය. ඉතා බැරෑරුම්ය.
දිලිත් ඇන්ටිජන් හොරෙකු බවත් ඉතා අඩුවට ගෙනා ඇන්ටිජන් කට්ටලයක් රු 3500 ක අධික මිලකට විකුණා හෙණ ගහන ලාභයක් ලැබූ බව අදටත් ජවිපෙ හා මාළිමාවේ කුණු හරුප මඩ බලකාය රටට බණ දෙසති.එහෙත් සෞඛ්‍ය ඇමති හා ආණ්ඩුවේ නිළ ප්‍රකාශක වෛද්‍ය නලින්ද පාර්ලිමේන්තුවේදී කීවේ ඇන්ටිජන් කට්ටලයක් රු 1100 ක් වැනි මුදලකට පමණක් විකුණා ඇති බවය. ඒ දිලිත් ගැන එක් නිදසුනක් පමණි. යම් දේශපාලන සහායක් ලබා හෝ යමෙක් ඉහළට යාම මහා දෝහීකමක් බව සලකන මාළිමාවේ එම පහත් හා විකෘති මානසිකත්වය රටක අනාගතයට ඉතා පසුගාමී බව අමුතුවෙක් කිවයුතු නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...