පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදලා දෙන්න කියලා තමයි අපි ආවෙ. ඒ වුණාට ඒක දවසෙන් දෙකෙන් කරන්න බෑ – ඇමති සමන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ සිරගත වීමට සිදුවනු ඇතැයි යන බිය නිසා විපක්ෂයේ දේශපාලනඥයින් මේ ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“ඔය විරුද්ධ පක්ෂ බයවෙලා ඉන්නෙ ඇයි දන්නවාද ? උන්ට බය දෙකක් තියෙනවා. එක බයක් තමයි, ඒ කට්ටිය දන්නවා මේ ආණ්ඩුවට කාලයක් යන්න දුන්නොත් නම්, වට්ටාගන්න බැරිවුණොත් නම් මුං මේ රට හදනවා. හැදුවොත් නම් ආයෙ මිනිස්සු අනිත් පැත්ත හැරෙන්නෙ නෑ. එහෙනම් හදන්න නොදී මුලින්ම වට්ටන්න ඕනෙ. ඔන්න විරුද්ධවාදීන්ට තියෙන එක බයක්, හදයි කියන බය. ඊළඟට දෙවැනි බය ඔබ තමුන්නාන්සෙලාට වඩා එයාලාට තමයි තේරෙන්නෙ. මොකක්ද, හොරකම් කරපු එකා අපරාධ කරපු එකා බයවෙන්න ඕනෙ නැද්ද මේ ආණ්ඩුවට ? බයවෙන්න ඕනෙ. උන් දන්නවා උන් කරපු හොරකම්. උන් දන්නවා මේ ආණ්ඩුව දැන් ගාණට නීති ටික හදාගෙන එන්නේ, නීතිය ක්‍රියාත්මක වෙනවා, ඒ හින්දා මේ ආණ්ඩුවට යන්න දුන්නොත් නම් අපි ඔක්කොටම හිරේ යන්න වෙනවා කියලා. එහෙනම් ඉක්මනට ආණ්ඩුව වට්ටලා හිරේ යන එක නවත්වාගන්න ඕනෙ. ඒ කට්ටිය ඔය හොරකම් කරන්නෙ නැතිව මේ රට හැදුවා නම් තමුන්නාන්සෙලා අද ඉන්නෙ ඔය තත්වෙ එහෙම නෙවෙයි. එහෙනම් හොඳ ගෙයක් දොරක් එහෙම හදාගෙන, දරුවන්ට උගන්නලා, හොඳට කෑම ටිකක් කාලා සැපෙන් ඉන්නවා. හැබැයි ඔබතුමන්ලා තාම දුක් විඳිනවා, ඔබෙන් ඡන්ද ගත්තු එවුන් සැප විඳිනවා, ඔහොම තමයි හැදුණෙ. දැන් අපි ආවෙ ඔබතුමන්ලා ඉන්න ඔය දුක්ඛිත තත්වයෙන් ගොඩ අරගෙන ඔබතුමාලාටත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදලා දෙන්න කියලානෙ. ඉතින් ඒක දවසෙන් දෙකෙන් කරන්න බෑ. ඒකට යම් කාලයක් අපට දෙන්න, අන්න එතකොට ඒක අපි කරලා දෙනවා”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (අප්‍රේල් 12) බදුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...