ආසියාව ජයගන්න ලාංකේය යෞවනය සවුදි අරාබියාවට

sms sharing button 

sharethis sharing button 

නිශ්මං රණසිංහ අප්‍රේල් 13 කොළඹ LNW :

සවුදි අරාබියාවේ දම්මාම් හි දී අප්‍රේල් 15 වන දා සිට 18 වන දා දක්වා පැවත්වෙන යොවුන් ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගි වීමට නියමිත අතර ඔවුන් මේ වන විට සවුදි අරාබිය දක්වා පැමිණ තිබෙනවා.
https://bit.ly/4jv6anQ
ඉහත සබඳතාවය ඇසුරෙන් තරග කාල සටහනට පිවිසීමට හැකි අතර තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින්ගේ නාම ලේඛණය සහ ඔවුන් සහභාගිවන තරග ඉසව් ද,ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගත්තේ කුමන විධ්‍යාලයකින් තරග කර ද යන්න මේ සමඟ පහත දක්වා තිබෙනවා.
පිරිමි ළමයි


1 ඉමේෂ් සිල්වා ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ මීටර් 100, මීටර් 200, මෙඩ්ලි සහය දිවීම
2 සඳරුවන් සිල්වා නාලන්ද පිරිමි විද්‍යාලය, මිනුවන්ගොඩ මීටර් 100, මෙඩ්ලි සහය දිවීම
3 ශානුක කොස්තා ගේට්වේ විද්‍යාලය, කොළඹ මීටර් 400, මෙඩ්ලි රිලේ
4 බීඅයිඑම් බෝගොඩ සර් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල මීටර් 400, මෙඩ්ලි සහය දිවීම
5 ශවිඳු අවිශ්ක ධම්මිස්සර එන්.එස්., නාත්තන්ඩිය මීටර් 800.
6 රෙහාන් පෙරේරා ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල මීටර් 800.
7 ලහිරු අචින්ත ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, රත්නපුර මීටර් 1500, මීටර් 3000.
8 එම්.එම්.ශවිඳු නිමාෂා ඩයස් ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ මීටර් 400 කඩුලු පැනීම
9 නෙත්‍ය සම්පත් මාරිස්ටෙලා විද්‍යාලය, තිඹිරිගස්කටුව උස පැනීම
10 පී දිනුක ඩිල්ෂාන් මුලන්දියවල ම.වි., ඇඹිලිපිටිය උස පැනීම
11 හංසන ජයසිංහ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ තුන් පිම්ම
12 ජේඑල් ජෙන්කින්ස් ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර තුන් පිම්ම

බාලිකා ක්‍රීඩිකාවන්

1 ධනංජන ප්‍රනාන්දු ලයිසියම් ජාත්‍යන්තර, වත්තල මීටර් 100, මීටර් 200.
2 එම්.ජී තරුෂි අභිෂේකා වික්‍රමබාහු මධ්‍යම, ගම්පොල මීටර් 800.
3 නිදුකි ප්‍රාර්ථනා බරනන්කට්ටුව කණිෂ්ඨ විද්‍යාලය මුන්දලම,l මීටර් 1500,
4 එම්.පී. අයේෂා සෙව්වන්දි නාමඩගස්වැව මීටර් 1500 ම.වි
5 සංසලා හිමාෂානි අඹගමුව CC, අඹගමුව මීටර් 400 කඩුලු මතින් දිවීම
6 සචිනි මධුහන්සිකා නාමඩගස්වැව මහා විද්‍යාලය මීටර් 2000 බාධක
7 එම්. දිල්කි නෙහාරා ශ්‍රී සුමංගල බී.වී., පානදුර තුන් පිම්ම

මෙම කණ්ඩායමේ බාලක නායකත්වය නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ශවිදු අවිශ්කට හිමි වී ඇති අතර බාලිකා නායකත්වය හිමිව ඇත්තේ ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ තරුශි අභිශේකාටයි. එන්ඒටී ජයසිංහ කණ්ඩායම් කළමණාකාරු ලෙස නම් කර තිබෙන අතර පුහුණුකරුවන් ලෙස මෙම සංචාරයට අනුරාධ නානායක්කාර,එන් ඉන්දික ඇටිපොල සහ බුද්ධික නුවන් එක්ව තිබෙනවා.කාන්තා කණ්ඩායම භාර නිලධාරිණිය ලෙස නම් කර තිබෙන්නේ ලක්නා වරාවිටයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...