අලුත් අවුරුදු චාරිත්‍ර : හිසතෙල් ගෑමේ නැකැත අද

0
175

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට (අප්‍රේල් 16) යෙදී තිබේ.

අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම යහපත් බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී පැවැත්වීමට නියමිත ය.