*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

පදක්කම් දෙකක් සහභාගි නොවේ

නිශ්මං රණසිංහ අප්‍රේල් 16 කොළඹ LNW :

සවුදි අරාබියේ පැවත්වෙන හයවන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ දී බොහෝ විට ශ්‍රී ලංකාවට හිමිවීමට තිබුණු පදක්කම් දෙකක්,කාන්තා මීටර් 1500 තරගයට එම ක්‍රීඩිකාවන් සහභාගි නොවීම නිසා අහිමි වී තිබෙනවා.නිදුකි ප්‍රාර්ථනා සහ අයේෂා සෙව්වන්දි යන ක්‍රිඩිකාවන් දෙදෙනාම අති දුෂ්කර තත්ත්වයන් යටතේ පුහුණුවීම් සිඳු කරනු ලබන දක්ෂ ක්‍රීඩිකාවන් වන අතර ඔවුන් එම ඉසව්වේ දක්වා තිබුණ දක්ෂතා ඉහළ මට්ටමක පැවතුණා. එම තරගය ජයගත් චීන ක්‍රීඩිකාව යම් ආබාධිත තත්ත්වයක් මත ධාවනයේ යෙදෙන බව පෙනෙන නිසා බොහෝ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා ආබාධයකට ගොඳුරු නොවී ධාවනයේ යෙදුණානම් ජෙන්කින්ස් ලබා දුන් රිදී පදක්කමට රන් සහ තවත් රිදී පදක්කමක් ද එකතු වන්නටත් ඉඩ තිබුණා.


පදක්කම් දිනීම හෝ නොදිනීමට වඩා මෙහිදී වැදගත් වන්නේ එම ක්‍රීඩිකාවන් තරගයට ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීමයි.නිසි වේලාවට තරග ආරම්භක කාර්යාලය වෙත වාර්තා නොකිරීම නිසා මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිඳු වූ බව වාර්තා වී තිබෙනවා.තරගාවලියට පුහුණුකරුවන් තිදෙනෙකු එක් වී සිටින අතර තරග ආසන්න කාලයන් හී දී සිඳුවෙද්දී එක් එක් ඉසව්වලට සහභාගි කරවිමේ වගකීම එක් එක් අය වෙත පැවරෙනවා.සාමාන්‍ය තත්ත්වය සංචාරයකදී මෙය බව අපේ අත්දැකීම් අනුව දන්නා කාරණයක් වන අතර මෙහිදී කවුරුන් අතින් හෝ අත් වැරදීමක් සිඳුවීමෙන් මේ තත්ත්වය ඇති විය හැකියි.එහෙත් එවැනි අත්වැරදීම් සිඳු නොවිය යුතු ඒවා වන අතර එවැනි අතපසුවීම් සම්බන්ධ වරදකදී කිසිඳු ක්‍රියා මාර්ගයක් ගත් බවක් ද මේ දක්වා වාර්තා වි නැහැ.


සමහර විට ප්‍රසිද්ධ නොකර එවැනි අයට සංචාර ලබා දීමේ දී ලබා නොදීමට ක්‍රියා කරන්නේදැයි අප නොදන්නා අතර එහෙත් එවැනි අවස්ථාවක සිඳු විය යුත්තේ එවැනි කාරණයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර අන් අයට යම් විනයානුකූලව කැපවීමට මඟ පෙන්වීමයි.
ප්‍රධාන ඡායාරූපයේ ඔවුන් දෙදනොගේ හොඳම කාලීන සහ පෞද්ගලික දක්ෂතා දක්වා තිබෙන අතර තරග ප්‍රතිපල සටහනද මේ සමඟ දක්වා තිබෙනවා.මේ තත්ත්වය පාදක කරගෙන එම ක්‍රීඩිකාවන් දෙදෙනා වෙනත් ඉසව්වකට ඇතුළත් කර අවස්ථාව ලබා දීමට කණ්ඩායම් කළමණාකාරීත්වය මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයද මැදිහත්ව උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan