කෝටි තුනකට අධික මුදල් හා රත්‍රං සමඟ පහක් අත්අඩංගුවට – එක් අයෙක් පොලිස් නිලධාරියෙක්!

Date:

කොළඹ LNW: මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ හතළිස් දහසක මුදලක් හා ග්‍රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සමඟ පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙවුන්දර – හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත්වූවන් අතර බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුද සිට ඇති බව සඳහන්.

අද (17) අලුයම 4ට පමණ මාර්ගයේ ගමන්කරමින් තිබූ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කර බැලීමේදී මෙම මුදල් හා රන් භාණ්ඩ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් පොලිස් නිලධාරියාගේ මහගෙදර පිහිටි මාතර වේරදුව ප්‍රදේශයේ නිවසක මිතුරන් සමග සාදයක් පවත්වා ඇති බවත් එය අවසන් වී දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි මිතුරන් නිවෙස් වෙත ඇරලවීම සඳහා ගමන් කරමින් සිටියදී ඔවුන් පරීක්ෂාවට ලක්ව ඇත.

ප්‍රශ්නකිරීම්වලදී අදාළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ එම මුදල් විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුණු බවයි.

කෙසේ නමුත් සිදුකර ඇති ප්‍රකාශවල පරස්පරතා මතුව ඇති අතර ඔවුන් ගමනක්රමින් සිටි මෝටර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවද අනාවරණය වී තිබේ.

ඇය මෙම පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වී ඇත.

සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය