අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි!

0
376

රෂිකා හෙන්නායක

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසන අතර, ඔහුගේ ඉන ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව පැවසේ.

මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ, 28 හැවිරිදි ලක්ෂාන් මධුෂංක නමැති අයෙකුට වේ.