Giorgia Meloni ධවල මන්දිරයට!

Date:

රෂිකා හෙන්නායක

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි ධවල මන්දිරයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එහිදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු පිළිබඳවයි. 

දැනට දින 90ක කාලයක් සඳහා අදාළ තීරුබදු ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙන අතර, එම කාලය අවසන් වීමට පෙර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුමකට එළඹෙනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.. 

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේඑ, අමෙරිකානු ජනාධිපති විසින් ආනයනික භාණ්ඩ මත විශාල වශයෙන් තීරුබදු පැනවීමෙන් පසු වොෂිංටනයට පැමිණි පළමු යුරෝපීය නායිකාව  ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි වන බවයි.

මේ අතර මෙම සාකච්ඡාවේදී ඉතාලියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කෙරුණු ආරාධනයක් ඔහු විසින් පිළිගෙන ඇති බවද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යුරෝපීය නායකයන් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයාට මෙය අවස්ථාවක් වනු ඇති බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් කෙරිල්ල සහ ලොස් ඇන්ජලීස් ජනතාවගේ වැටිල්ල පෙන්වා දෙන සංවිධාන පාරට බසියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ලොස් ඇන්ජලීස් නුවර ඔලිම්පික් උළෙලට...

හිමිකම් අහෝසි කිරීමේ පනතට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹේ!

කොළඹ LNW:විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින්...

මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස්...

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත...