හදිසි නීති රෙගුලාසි වහාම හකුළා ගන්න – නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි

Date:

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ හදිසි නීති රෙගුලාසි වහාම ඉවත් කර ගන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ අයුතු ලෙස රඳවා ගැනීම සඳහා හදිසි නීති කිසිදු අයුරකින් භාවිතා නොකළ යුතු බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන භාෂණයේ නිදහස හා සාමකාමීව රැස්වීමේ නිදහසට කිසිදු අයුරකින් බාධා එල්ල නොවිය යුතු බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

රටතුළ උද්ගතව ඇති තත්වය පාලනය කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි භාවිතා කිරීම විකල්පයක් නොවන බවත් සිදුකළ යුත්තේ මහජන මතයට එකඟවීම බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතිකය වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...

සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සත්ත්ව ගොවිපල 16000...