කාශ්මීරයේ සංචාරකයන්ට වෙඩි; 26 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): “ඉන්දියාවේ ස්විට්සර්ලන්තය” වශයෙන් හඳුන්වන හිමාල කඳුවැටියේ පිහිටි සුන්දර නගරයක් වන පහල්ගම් නගරය නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් පිරිසකට තුවක්කුකරුවන් වෙඩි තැබීමෙන් අවම වශයෙන් 26 දෙනෙකු මියගොස් ඇති තුවාල ලැබු පිරිසගේ තත්වය බරපතල වන බව වාර්තා වේ.

මෙම ප්‍රදේශය ඉන්දීය පරිපාලනය යටතේ පවතින අතර ප්‍රදේශයේ මහ ඇමති ඕමාර් අබ්දුල්ලා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මෙම ප්‍රහාරය මෑත වසරවල සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය වන බවයි.

ප්‍රහාර හෙළා දුටු ලෝක නායකයින් අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේයන් ද වේ.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමත්, 1947 දී පකිස්ථානය නිර්මාණය කිරීමෙන් පසුව හිමාලයානු කලාපය බෙදී සිට මුස්ලිම් බහුතරයක් වෙසෙන කලාපයේ දිගු කාලීන සන්නද්ධ බෙදුම්වාදී කැරැල්ලක් පවතියි. මෙම සන්නද්ධ බෙදුම්වාදී කැරැල්ල සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා ඇතුළු දස දහස් ගණනකගේ ජීවිත බිලිගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...