මාතර බන්ධනාගාරයේ රැඳවියන් අඟුණකොළපැලැස්සට ගෙන යයි!

Date:

රෂිකා හෙන්නායක

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් මේ වන විට අගුණකොළපැලැස්ස ඇතුළු ආසන්නතම බන්ධනාගාරය වෙත මාරු කරමින් පවතින බව වාර්තා වේ.

ඒ, එම බන්ධනාගාරයේ ඊයේ හටගත් කලහකාරී තත්ත්වය සහ රැඳවියන්ගේ තදබදය හේතුවෙන් බවයි වාර්තා වවන්නේ .

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ , ඊයේ මධ්‍යම රාත්‍රියේ දෙවන වරටත් හටගත් කලහකාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය පිටත ආරක්ෂාවට පොලිස් නිලධාරින් 150ක් පමණ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ද ඊයේ රාත්‍රියේ කැඳවා තිබුණි .

එහිදී කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් යළි වාට්ටු වෙත පලවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කිරීමක්ද සිදුව තිබුණි .

එම බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය සහ ඊට පිළියම් යෙදීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ද මාතර බන්ධනාගාරය වෙත ඊයේ රාත්‍රියේම පිටත්කර හැර තිබේ.

එම බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරීමට හේතු වී ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින “මිදිගම බාල මාමා” නැමැත්තා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු වෙනත් බන්ධනාගාර තුනකට මාරුකර හැරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කිරීමත් සමඟ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...