ඩෑන් ප්‍රියසාද් ඝාතනය : සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට. සැකය කංජිපානි දෙසට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බව සඳහන්.

එසේම මෙම ඝාතනය විදෙස්ගතව සිටින පාතාල කල්ලි නායකයකු වන කංජිපානි ඉම්‍රාන්ගේ පාර්ශ්ව විසින් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරන බවත් වාර්තා විය.

ඊයේ (22) රාත්‍රියේ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...