පාස්කු ප්‍රහාරයේ විමර්ශන : ශානි අබේසේකරට තවත් වගකීමක්

0
690

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළත් කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා පත්කර තිබිණි.