වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ දේහය යළි ගොඩගනී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැලිකඩ පොලිස් අත් අඩංගුවේ සිටියදී මියගිය සත්සර නිමේෂ් නම් 25 හැවිරිදි තරුණයාගේ දේහය භූමදානයෙන් දින 21කට පසුව අද (අප්‍රේල් 23) පෙරවරුවේ යළි ගොඩගනු ලැබිණි.

ඒ, බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේදී වන අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක්, බදුල්ල පොලිස් අපරාධ කොට්ටාශයේ හා කන්දකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

තම පුත්‍රයා 2025 අප්‍රේල් 01 වනදා වැලිකඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව මියගොස් ඇති බවට සත්සර නිමේෂ්ගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් මත අප්‍රේල් 09 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙසේ මෙම දේහය ගොඩගැනීම සිදුකෙරිණි.

ගොඩගන්නා ලද දේහය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගිය අතර එහිදී අධිකරණ නියෝගය අනුව විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පැවැත්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...