කලින් කියපුවා වෙලා නැහැ. මෙහෙම කොහොමද ඉදිරියට යන්නේ – පුංචි ජන්දය ගැන තීරණයක් ගන්නා ලෙස රවී ජනතාවට කියයි!

Date:

කොළඹ LNW:ජනතාවට හිතෛෂී ආකාරයට රටක් පාලනය කරන වැඩපිළිවෙලක් ඇති කිරීමට අවශ්‍ය වන අතර එම තීන්දුව ගැනීමට ජනතාවට ඉඩ දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මීට පෙර කියූ දේවල ඉටු නොවී ඇති පසුබිමක ඉදිරියට යන්නේ කෙසේද යන්න තීරණය කළ යුත්තේ ජනතාව බව හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර මේ අවස්ථාවේ කළ යුතු වන්නේ හැකි තරම් ජනතාව නිර්දේශපාලනීකරණය කර රටක් ලෙස ඉදිරියට ය හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි රවී කරුණානායක මහතා පැවසුවේ.

නිදහස ලැබී වසර 77ක් ගත වුවද රටට සැබෑ නිදහසක් ලැබී ඇති බවක් පෙනෙන්නට නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (23) ලලිත් ඇතුලත්මුදලි ගුණානුස්මරණ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙවන කොටසේ සූරයන් කළුතරින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...