කලින් කියපුවා වෙලා නැහැ. මෙහෙම කොහොමද ඉදිරියට යන්නේ – පුංචි ජන්දය ගැන තීරණයක් ගන්නා ලෙස රවී ජනතාවට කියයි!

Date:

කොළඹ LNW:ජනතාවට හිතෛෂී ආකාරයට රටක් පාලනය කරන වැඩපිළිවෙලක් ඇති කිරීමට අවශ්‍ය වන අතර එම තීන්දුව ගැනීමට ජනතාවට ඉඩ දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මීට පෙර කියූ දේවල ඉටු නොවී ඇති පසුබිමක ඉදිරියට යන්නේ කෙසේද යන්න තීරණය කළ යුත්තේ ජනතාව බව හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර මේ අවස්ථාවේ කළ යුතු වන්නේ හැකි තරම් ජනතාව නිර්දේශපාලනීකරණය කර රටක් ලෙස ඉදිරියට ය හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි රවී කරුණානායක මහතා පැවසුවේ.

නිදහස ලැබී වසර 77ක් ගත වුවද රටට සැබෑ නිදහසක් ලැබී ඇති බවක් පෙනෙන්නට නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (23) ලලිත් ඇතුලත්මුදලි ගුණානුස්මරණ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...