ඉස්තාන්බුල් අගනුවර රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ රික්ටර් මාපකයේ 6.2 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව වාර්තා වේ.

තුර්කියේ ආපදා ඒජන්සිය(AFAD) මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙම භූමිකම්පාව මෑත වසරවලදී මිලියන 16ක් වෙසෙන ඉස්තාන්බුල් නගරයට බලපෑ ප්‍රබලතම භූමිකම්පා වලින් එකක් වන බවයි.

මේ දක්වා හානියක් පිළිබඳ වාර්තා නොමැති නමුත් භූමිකම්පාවෙන් අනතුරුව ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇත.

2023 දී රටේ ගිනිකොන දෙසින් 55,000 කට වැඩි පිරිසක් මිය ගිය දැවැන්ත භූමිකම්පාවෙන් පසුව, තුර්කියේ ව්‍යාපාරික හා සංචාරක අගනුවර වන ඉස්තාන්බුල්හි භූමිකම්පා ඇතිවීමේ අවධානම සම්බන්ධයෙන් විශේෂඥයින් දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇති අතර ඔවුන් සඳහන් කර තිබුණේ, මර්මාරා මුහුද යට ඇති දෝෂ රේඛාවට වසරක් තුළ 7.0 ක විශාලත්වයට වඩා ප්‍රබල භූමිකම්පා දෙකක් ඇති කිරීමේ හැකියාව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...