ශිරන්තිගෙන් අනුරට යන ටොරිංටන් අවුරුදු

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 24, කොළඹ LNW:

රාජපක්ෂ සමයේ අලුත් අවුරුදු සමයට ජාතික මට්ටමේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වෙන ටොරිංටන් ක්‍රීඩා පිටිය ඔවුන්ගේ අවුරුදු ඉසව් පවත්වා ක්‍රිඩාවට නුසුදුසු තත්ත්වයට පත් කිරීම සම්ප්‍රදායක්ව පැවතිණ.නව රජය යටතේ එවැනි දෙයක් සිඳු නොවන බවට ටොරිංටන් පිටියේ විශාල කතා බස් ඇති විණ.
දැන් ඒ කාලෙ ඉවරයි


මාලිමා හිතවතෙක් මහා ශබ්දෙට කියන්නෙ පැරණි රජවරු ජාතික වටිනාකම් තියෙන තැන්,ඒවායේ වටිනාකම් නොසළකා තමන්ගේ සහ තම හිතවතුන්ගේ සේවකයන්ගේ සතුට වෙනුවෙන් විනාශ කිරීම නවතා ඇති බවට තදින් විශ්වාස කරමින්ය.


අවුරුද්දට අගමැතිගෙයි ජනාධිපතිගෙයි ගෙදර කිරි උතුරනවා පෙන්නන වැඩ සටහන් මේ ආණ්ඩුවෙ නැහැනෙ.එහෙමනම් මේ වැඩ කොහොමත් නැහැ.
මාලිමානුවා පවසන්නේ උදාහරණය.
ඒත් මේ ඒ කතාවල ශබ්ද සියල්ල නිශ්ශබ්ද කරමින් ටොරිංටන් පිටිය ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් අවුරුදු සිරියට සැරසෙයි.එහි මීටර් 100 ධාවනයට යොදා ගත් ඉඩ ලංකාවේ පළමු පුරවැසියා විසින් වෙන් කර ඒ ඉඩ පුහුණුවීම් සඳහා යොදා ගත් අයට පසු බසින්නට වි ඇත.ටොරිංටන් අනුර කුමාර ජනාධිපති උතුමාණන්ගේ කාර්යාලීය වින්දනය පිණිස කැප කරන්නට,එයින් පිටියට වන හානිය ඉවසා සිටින්නට ක්‍රීඩකයන්ට සිඳු වී ඇත.රජ අණට එහා වෙන දෙයක් නැත.


ජනමාධ්‍යෙව්දීන් හමු වූ අවස්ථාවේ මේ ලියන මා විසින්ම අමාත්‍යවරයා දැනුවත් කරන ලද පළමු කාරණය වූයේ රටේ සියළු ක්‍රීඩා පිටිවල වගකීම යම් ආකාරයකින් ක්‍රීඩා අමාත්‍යංශය සතු කර ගැනීමට වැඩ පිළිවෙලක් සකසන ලෙසය.විශේෂයෙන් පළාත් පාලන ආයතන මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා පිටිවල තත්ත්වයද සංගීත සංදර්ශන නිසා,අයාලේ යන සතුන් නිසා අපවිත්‍ර වන,අබලන් වන අවස්ථා කොතෙකුත් අප දාක ඇත.මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකසා ක්‍රීඩාවට සුදුසු මට්ටමට ක්‍රීඩා පිටිය සකස් කර තබා ගන්නා ලෙස ද මම එහිදී අවධාරණය කළෙමි.


ඒත් දැන් ඒ ඇමතිවරයාටම අයිති ඔහු යටතේ පවතින ටොරිංටන් ක්‍රීඩා සංකීරණ පිටිය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගෙන හානි කර අන්දමින් යම් යම් දේ කරමින් ඇත.ඉතිං රජ්ජුරුවන්ට විරුද්ධ වන්නේ කෙසේද?ඇතැම් ඉහළට අවශ්‍යය ක්‍රීඩාවන් ඉහළට ඕනි පුද්ගලයන්ගේ අණ මත ක්‍රියාත්මක කරනු ක්‍රීඩා අමාත්‍යවරයාට කළ හැකි දෙයක් නැත.එවැනි ඉහළින් පාත්වන චරිත තමන්ගේ පේද්ගලික කාර්ය මණ්ඩලයට යොදා ගන්නවා හැරෙන්නට තනි තීරණයකට පිවිසි විරුද්ධ වන්න ක්‍රමයක්ද නැත.
එවැනි තත්ත්වයක ජනාධිපති කාර්යාලයට ටොරිංටන් ඕනි කිව්වම ප්‍රතිපත්ති ගැන කියන්න පුළුවන්ද? අඩුම ගණනෙ ඔය හෑරුවට වඩා වියදමක් යොදලා වැඩේ ඉවර වුණාට පස්සෙ රජ කාර්ය මණ්ඩලය රැඟූ සේ ම පය ගසා සිටි පිටිය පෙර තිබුණ තත්ත්වයට පත් කර දෙන්නවත් අවධානය යොමු කළ යුතුය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...