ප්‍රධාන ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට!

0
296

රෂිකා හෙන්නායක

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේදී, අනුර විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා  හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටිය විදාන ගමගේ ඉෂාන් මදුෂංක නැමැති පුද්ගලයෙක් වන අතර, මිද්දණෙිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වැනිදා කජ්ජා නැමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මිය ගියේය.