ජන්දෙන් පස්සේ විපක්ෂයම එකතු වෙන්න ඕනේ.නැත්නම් එක හැන්දෙන් මුළු විපක්ෂෙම ඉවරයි!(VIDEO)

Date:

කොළඹ LNW:පක්ෂවල ප්‍රශ්න තිබුණත් පළාත් පාලන මැතිවරණයෙන් පසු විපක්ෂයේ පක්ෂ එකට එකතු වී වැඩ කළ හැකි ස්වරුපයකට පත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

එසේ නොවුණහොත් සම්පූර්ණ විපක්ෂයම එක හැන්දෙන් විනාශ වී යන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම නිසා සැබෑ ස්වරූපය දන්නා හැමෝම ජන්දෙන් පසු එකතු වී රට ඉදිරියට ගෙන යා හැකි අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම අවශ්‍ය බව කරුණානායක මහතා පෙන්වා දෙයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශ කරමින් සිටින භූතයෝ දෙන්නා පිළිබඳව ද තීරණයක් ගත යුතුව ඇති බව රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු එක් අයෙක් පාර්ලිමේන්තුව අල්ලා එජාපය විනාශ කළ බවත් අනෙක් තැනැත්තා ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලා අනෙක් පැත්තෙන් විනාශ කළ බවත් හෙතෙම තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...