සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා යා නොහැකියි – ජනපති

Date:

කොළඹ LNW:ලොව කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති බව බවත්ව ත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරමින් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඒ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

යහපත් සමාජයක් ගොඩනැඟීම නීතියෙන් පමණක් කළ නොහැකි බවඅතර එහිදී ආගමික දර්ශනය මත පදනම්ව විශාල සමාජීය කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම කාර්යයේදී ගමේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින්ට ප්‍රමුඛ වගකීමක් පැවරී තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම රටට අවශ්‍ය ආර්ථික, සමාජයීය සහ දේශපාලන පරිවර්තයේදී නැණගුණයෙන් මෙන්ම යහගුණයෙන් පෝෂිත අනාගත පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් රජය විසින් සැලසුම් සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියි.

අනාගත පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා තවදුරටත් පවසයි.

මල්වතු අස්ගිරි උභය විහාරවාසී මහා සංරඝරත්නය, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නායක හිමියන්, රංගිරි දඹුලු රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය දඩුබැදිරුප්පේ මහින්ද හිමියන්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...