ජනපති අගමැතිව ඉවත් කරන්නේ නෑ – කැබිනට් ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක් (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කිරීමට නියමිත බවට පැතිර යන පුවත් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා පවසයි.

පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී සිදුවුණේ නව ආණ්ඩුවකට ඉඩදීම සඳහා සමස්ත කැබිනට් මණ්ඩලයම ඉවත් වීමට එකඟ වීමත් එසේ ඉවත් වීමේ පහසුම ක්‍රමය වන්නේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම යැයි එකඟවීමත් පමණක් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව එහි අවසන් තීරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්ම හෙට (09) දිනයේදී හෝ නුදුරු දිනයකදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවත් මෙය කිසිසේත්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුමක් නොවන බවත් ගොඩහේවා මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...