බංගලාදේශ තරුණයෝ ශ්‍රී ලංකාවෙන් වාඩුව ගනිති

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 29, කොළඹ LNW:

තරග හයකින් යුත් එක්දින තරගාවලයක් සඳහා ශ්‍රී ලංකාවේදී මුණ ගැසෙන ශ්‍රී ලංකා සහ බංගලාදේශ අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායම් අතර තරගාවලියේ දෙවන තරගයෙන් බංගලාදේශයට ජය හිමි විය.එය බංගලාදේශය ලද සුළු ජයක් නොවීය.පහසු සහ විශාල ආකාරයට ඔවුන් විසින් ශ්‍රී ලංකා තරුණයන්ව මෙල්ල කර ගනිමින් කඩුලු 9 ක් ජයක් අත් කර ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමු තරගයේදී මෙන්ම පන්දුවට පහර දීමට සීසීසී තණනිල්ල ගැලපෙන බව සිතුවේය.එහෙත් අල් ෆහාඩ් ඒ සදහා අවශ්‍යය ඉඩ ලබා නොදෙන්නට වග බලා ගත්තේය.ලකුණු 44 ට ශ්‍රී ලංකාවේ කඩුලු හයක්ම අත් කර ගත් ෆහාඩ් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 211 ට සීමා කරන්නට පෙරමුණ ගත්තේය.

චාමික හීනටිගල (51) සහ දෙනුර දම්සිත් (47) විසින් පස්වන කඩුල්ල වෙනුවෙන් ඇති කළ ලකුණු 81 ක සබඳතාවය නොවන්නට තත්ත්වය දරුණු අතට හැරෙන්නට තිබිණ.මෙහිදී චාමිකගේ ඉණිම තව දුරටත් වටිනාකමෙන් ඉහළ එකක් බවට පත් වුණේ ඔහු සිව්වන කඩුල්ල වෙනුවෙන් ද දිමන්ත මහවිතාන (39) සමඟ ලකුණු 53 ක සබඳතාවයක් පවත්වන්නට එක් වූ බැවිනි.
පන්දුවෙන් අල් ෆහාඩ් ඇතුළු පිරිස ඇති කර දුන් සහනදායී ඉලක්කය වෙත බංගලාදේශය ගමන් කිරීමට පිවිසුණේම ප්‍රහාරාත්මක වේගය තුළින් ද ශ්‍රී ලංකාවට පීඩනයක් ඇති කරමින්ය.ඒ නිසා ඔවුන්ට 35 වන ඕවරයේ 3 වන පන්දුවේදී ජයග්‍රහණයට පිවිසෙන්නට හැකි විය.සිය අඩු ලකුණු පූවරුව විසින් ඇති කළ පීඩනය ද,එම පීඩනය තමන්ගේ පහසුවට ගත් බංගලාදේශ පිතිකරුවන්ගේ ප්‍රහාරයද නිසා ශ්‍රී ලංකාවට බංගලාදේශය සිය ලකුණු පූවරුවේ වටිනාකම ලකුණු 215 ක් කරද්දී දවා ගන්නට ලැබුණේ එක් කඩුල්ලක් පමණි.දැවී ගිය එකම කඩුල්ල කුගදාස් මාතුලන්ට හිමි වූ අතර ඔහු පන්දු 6 ක් තුළ ලකුණු 45 ක් තුළ එම කඩුල්ල දවා ගත්තේය.


පිතිකරණයේ දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් බංගලාදේශය ලකුණු 35 ක සබඳතාවයක් ඇති කර ගත් අතර ඉන් ලකුණු 5 ක් පමණක් රැස් කර කලාම් සිද්දිකි දැවී ගියේය.එහෙත් එම දැවී යාම ආශිර්වාදයක් වෙමින් දෙවන කඩුල්ල වෙනුවෙන් වේගවත් නොබිඳි සබඳතාවයක් ඇති විණ.එය 180 ක් වූ අතර ෂවාඩ් අබ්රාර් පන්දු 106 දී නොදැවී ලකුණු 130 ක් රැස් කර අතර එම ප්‍රහාරයට ඉහළින්ම දායකත්වය දුන් නායක අෂිෂුල් හකීම් පන්දු 89 දි ලකුණු 69 ක් ලබා නොදැවී සිටියේය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...