*
Wednesday, April 30, 2025
spot_img

Latest Posts

සිංගල් මම්’ කෙනෙක් හා පවිත්‍රකරන්නියකගේ උකුලේ හැදී වැඩූනු ඇමෙරිකාවේ උප ජනපති……!

අශෝක ජයතුංග

අප්‍රේල් 29 වොෂින්ටන් LNW :


🍎ඩොලර් 100 ක ඉතා ලාභ ෆුල්කිට් එකක් අදින පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා….. !
🍎පෞද්ගලික නිවසේ විශාලත්වය වර්ග අඩි 100 යි……!
🍎තනතුරු වලින් අහසට ඉඟිලෙන උද්දච්ඡ දේශපාලකයන්ට ඔහුගෙන් ගත හැකි පරමාදර්ශ……
!

[ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිඩ්ල් ටවුන් හි 1984 අගෝස්තු 02 දා දිළිදු පවුලක ඩොන් හා ඩෙව් බවුමන් යුවලට පුතෙකු ඉපදින ඔහු ජේමිස් ඩොනල්ඩ් වෑන්ස් විය. ටික කලකින් පවුලට කණකොකා හැඩු අතර පියා ඔවුන්ගෙන් වෙන් විය. මව”සිංගල් මම්” කෙනෙකු ලෙස ඉතා අසරණ අඩියකට පිවිසි අතර මුදල් නොමැතිකම හා ආහාර අහේනිය තුළ ඇය පවිත්‍ර කරන්නියක් ලෙස අසීරු රැකියාවක් කරමින් තම පුතු රැක බලාගත්තාය.

මුලින් හමුදා සේවයට බැදී යම් මුදලක් එකතු කරගත් වෑන්ස් පසුව ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන් දේශපාලනය හා දර්ශනවාදය ගැන බී ඒ උපාධියක් ලැබුවේය.


පසුව ඉන්දීය සම්භවයක් සහිත ඌෂා චිල්කූරි නම් 1986 දී උපත ලැබූ නීතිඥවරිය සමග විවාහවූ වෑන්ස් මේ වනවිව කුඩා පුතුන් දෙදෙනෙකු හා දියණියකගේ පියෙකි.

2020 ජනපතිවරණයේදී බයිඩන් විසින් ට්‍රම්ප් පරාද කළේ යන්තමිනි. එහිදී බයිඩන්ගේ උප ජනපතිනිය ලෙස ඔහු ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් තෝරා ගැනීමත් සමග ඉන්දියානුවන්ගේ හා දකුණු ආසියානුවන්ගේ ඡන්ද වලින් අති බහුතරයක් බයිඩන්ට ලැබීම තුළ ඔහුගේ එම ජයග්‍රහණය සහතික විය.


මෙවර 2024 දී කමලා හැරිස්, ට්‍රම්ප් සමග තරගයට එන බව කල්තියා හදුනාගත් ට්‍රම්ප් සෘජු ඉන්දියානුවෙකු නොව ඉන්දීය සබදතාවයක් සහිත ඇමෙරිකානුවෙකු සිය උප ජනපති ලෙස තෝරාගත්තේ ඡන්ද දෙකට බෙදීමෙන් තමනට වාසි ලබාගත හැකි බැවිනි. ට්‍රම්ප් විසින් වෑන්ස් තෝරාගත්තේ ඔහු ඉන්දීය සම්භවයක් සහිත සුප්‍රසිද්ධ නීතීඥවරියක ගේ සැමියාවීම තුළය.

ට්‍රම්ප් ගේ ජයග්‍රහණයෙන් පසු උප ජනපති ලෙස පත්වනතුරු J D වෑන්ස් පවුල පදිංචිව සිටියේ වර්ග අඩි 100 තරම් ඉතා කුඩා නිවසකය. ඔහු අදින සම්පුර්ණ ඇදුම ඩොලර් 100 කට එනම් රු 30,000 ට අඩු ඇදුමක් බව ද කියවේ. වෑන්ස් ඉතා නිරහංකාර අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බොරු සෝබන හා රැගිලි නැති බලය ඉතා බුද්ධිමත්ව පාවිච්චි කරන නිරහංකාර අයෙකු ලෙස සුපතලය. බෙහෝ ඇමෙරිකානුවන් ගේ ඡන්දය ට්‍රම්ප්ට ලැබීමට වෑන්ස්ගේ නිහතමානීකම හා බිරිඳගේ ආසියානු සබඳතාව ද ඉවහල් විය.


ඇමෙරිකන් උප ජනපති වෑන්ස්ගේ එම හැසිරීම් ශ්‍රී ලංකාවේ මාළිමාවේ අලුත තනතුරු ලබා ඒවා දරාගැනීමට පවා අසීරුවී සීමාව ඉක්මවා හැසිරෙන උච්ච ස්වරයෙන් සෙසු පිරිස් තුට්ටුවට දමා කතා කරන හා හිටපු ආණ්ඩු වල බලයෙන් උමතුව රැගූ දේශපාලකයන්ට මහගු ආදර්ශ ගෙනෙන චරිතයකි. තවද වෑන්ස් යනු තම දරුවන් කැමති කෑම හදාදීම සදහා ගෙදරදී කෝකියෙකු ලෙස ක්‍රියා කරන අයෙකු ලෙස ද සුපතලය.

“පිරිසිදු කරන්නියක් ලෙස අසීරු රැකියාවක කරමින් සිංගල් මම් කෙනෙකු ලෙස අමාරුවෙන් ජීවිතය ගෙවමින් මා ඇතිදැඩි කළ මගේ මවට ට්‍රම්ප් ජනාධිපතිතුමා අද වොෂින්ටනයේ ධවල මන්දිරයට ආරාධනා කර තිබෙනවා. මේ උත්සවයේ සිටින හොදම ආරාධිතාව ඇයයි. මව්නි මම ඔබට ඉතා ආදරෙයි” උප ජනපති වෑන්ස් එහිදී ප්‍රකාශ කළේ කාගේත් ඇසට කදුළක් එක්කරමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan