2040 ඔලිම්පික් සත්කාරකත්වයටත් දැන් සිටම තරගය

Date:

නිශ්මං රණසිංහ මැයි 01, කොළඹ LNW:

එංගලන්තයේ ලන්ඩන් නුවර ද,2040 වසරේ දී ඔලිම්පික් උළෙල පැවත්වීමට අපේක්ෂා කරන බව ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් වෙතින් ප්‍රකාශ වීමත් සමඟ වසර 15 ක් තිබියදීම 2040 වසරේ ඔලිම්පික් පැවත්වීම සම්බන්ධයෙන් තරගකාරීත්වයක් නිර්මාණය වීමට පසුබිම සකස් වී තිබෙනවා.මීට පෙර මැඩ්රිඩ් සහ මියුනිච් නගර ද 2040 ඔලිම්පික් තරගාවලිය සංවිධානය ගැන බලාපොරොත්තු මතු කර තිබුණ නිසා මේ තරගකාරීත්වය නිර්මාණය වී තිබෙනවා.


සාදික් ඛාන් ප්‍රකාශ කරන්නේ ඔහු ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් හැටියට ක්‍රීඩාව නැරඹීමෙන් ලැබෙන ආස්වාදනීය ප්‍රතිලාභය දන්නා නමුත් මෙවැනි තරගාවලියක් පැවත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වන්නේ එයින් අත් කර ගත හැකි ආර්ථිකමය වාසිය ගැන සැළකිල්ල යොමු කරන නිසා බවයි.


මේ අතර නගරාධිපති කාර්යාලය එළිදැක් වූ තොරතුරු මඟින් පෙන්වා දෙන්නේ ක්‍රිඩා ඉසව්වල සංචාරකයන් නිසා ලන්ඩන්යේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති චැම්පියන්ස් කුසලාන අවසාන තරගය සහ තවත් තරග එයක් නිසා යුරෝ මිලියන 268 ක් උපයා ගැනීමට හැකි වී ඇති බවයි.එය බ්‍රිතාන්‍ය පවුම් 230 ක් පමණ වෙනවා.


සාදික් ඛාන් ලන්ඩනය ලෝක ක්‍රීඩාවේ අග නගරය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර 2029 දී ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය ලන්ඩනයට ගෙන ඒමත් ඔහුගේ බලාපොරොත්තු අතර වෙනවා.එසේම මේ වසරේදි ත් කාන්තා රගර් ලෝක කුසලාන රගර් අවසාන තරගය පැවත්වෙන්නේ ද ලන්ඩන් නගරයේදී යි.


ලන්ඩනය,මැඩ්රීඩ් සහ මියුනිච් මේ තරම් දුර තියා තරගකාරිව ඕලිම්පික් උළෙලක් වෙනුවෙන් සිහින දකින්නේ අපූරු ශාරිරික ජවය සවිය සහ නමණීයත්වය විඳ ගැනීමේ අසිරිමත් බව නිසා නොවන බව ලන්ඩනයේ පසුබිම ඇසු වීට පැහැදිළියි.එහෙත් ශ්‍රී ලංකාව තවමත් ක්‍රිකට් හැරෙන්නට වෘත්තීය මට්ටමට කිසිඳු ක්‍රීඩාවක ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නඩත්තු වෙන වැඩ පිළිවෙලක් නැති රටක් හැටියට කරන ප්‍රකාශ බොහෝ දේවල් වැටෙන්නේ සාධාරණ තර්කයක් සහිත පලදායීත්වය අපේක්ෂා කළ හැකි කාරණා හැටියට නොවේය.කයිවාරු පන්නයේ දෙඩවීම් හැටියට පමණිය.


ලන්ඩනයට මැඩ්රීඩ් හෝ මියුනිච් නුවරවල්වලට සමානව නොව, ශ්‍රී ලංකාව තවමත් බොහෝ ක්‍රීඩාවන් නඩත්තු කරන්න අවම ජාත්‍යන්තර පහසුකම්වත් නැති රටක් ලෙස පැවතීම ඊට හේතුවය.තමන්ට අඩුම දුරින් ඇති දකුණු ආසියානු තරගාවලිය වැනි ජාත්‍යන්තර තරගාවලියකටත්,වැඩිම පදක්කම් ඇති මලල ක්‍රීඩා ඉසව් සඳහා හෝ සියළුම ඉසව් සඳහා ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් සහභාගි කරවන්නට වත්කමක් නැති රටක,එය පාලකයාට පහසු වෙන ගැටුම් නිර්මාණය කර තමන්ගේ නිරුවත නොපෙනී අනුන් එකිනෙකා වස්ත්‍ර ඉරාගෙන තමන් නිරුවත් වෙන හැටි බලන දේශපාලන විජ්ජාවන්ගෙන් පිරුණු තැනකි.
ඡායාරූපයේ සිටින්නේ ලන්ඩන් නගරාධිපති සාදික ඛාන් ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අක්මීමන වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේදී අද (ජුනි...

සිරියාවේ පල්ලියකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ දමස්කස් හි...

බැටරියක් සහිත සූර්ය විදුලි පද්ධති සඳහා ගෙවීම් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල බැටරියක් සහිත, වහල මත සවිකරන සූර්ය...

කොළඹ දකුණ සහ මහනුවර අපරාජිතව පෙරට – පුලීෂගෙන් ශතක යුගලයක්

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: වයස අවුරුදු 19 න්...