අහංකාරත්වය ඉස් මුඳුනේ තබා ගෙන, පාප් වහන්සේගේ පට්ටමත් ජෝක් එකක් කරගත්ත ලොක්කෙක්!

Date:

සටහන – පුලී
මැයි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
පාප්වරයෙකු වීමේ ආශාව ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සෙනසුරාදා පාප්තුමාගේ ඇඳුමින් සැරසී සිටින AI-ජනනය කරන ලද රූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේය.



ට්‍රම්ප් විසින් ඔහුගේ realDonaldTrump පිටුවේ පළ කරන ලද මෙම රූපය ධවල මන්දිරය විසින් සිය X ගිණුමෙ හි ද දැක්වූ අතර දැන් එය ට්‍රෙන්ඩින්ග් පින්තූරයක් බවට පත් වී තිබේ.


සමහර සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙය විහිළුවක් ලෙස සැලකුවද, තවත්සමහරු කලකිරීමට පත් ස්වභාවයකින් මේ පිළිබඳ විවිධ මත පළ කළහ. පරිශීලකයින්ගෙන් වඩාත්ම මෙය අගෞරවනීය බව පසක් කර දෙමින් ට්‍රම්ප් විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණය සමච්චලයට ලක් කළ බවට චෝදනා කළහ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාව පොඩි එකෙකු ලෙස හඳුන්වමින් එක් පුද්ගලයෙක් මෙසේ පැවසීය, “පාප් වහන්සේගේ මරණයෙන් දින කිහිපයකට පසු එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තමා පාප් වහන්සේ ලෙස පෙනී සිටින ඡායාරූපයක් පළ කිරීම විහිළුවක් නොවේ, එය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගෞරවනීය හැසිරීම ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට, එය පෙන්නුම් කරන්නේ තමා සියල්ලටම වඩා ඉහළින් සිටින බවත්, ඕනෑම දෙයකින් ගැලවිය හැකි බවත්, සෑම කෙනෙකුගේම ප්‍රධානියා බවත් විශ්වාස කරන මිනිසෙකුගේ අසීමිත අහංකාරය සහ බොළඳ හැසිරීමයි.” යන්නයි.

එය සත්‍ය වශයෙන්ම ඇත්තකි. මාන්නය කෙතරම් ද යත් ඔහුට ඉමැජිනේශන් එකේ ජීවත් වෙමින් කාලානුරූපව තම තත්ත්වයන් නිරූපණය කර පෙන්වීමට ම උචිත තාක්ෂණයක් ද දැන් වෙයි.

වඳුරට දැලි පිහියක් හසු වුණා සේ ට්‍රම්ප් දැන් හැසිරෙන බවක් ඕනෑම අයෙක්ට ඇගිල්ලෙන් ඇන කිව යුතු නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...