පා.ම චාමරගෙන් ප්‍රකාශයක් ගන්න CIDයට අධිකරණයෙන් අවසර!

Date:

රෂිකා හෙන්නායක

පසුගිය රජය සමයේ රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය අවසර දී තිබේ. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණය හමුවේ ගොනු කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.

අධිකරණ නියෝග මත දැනට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාශය විසින්, අදාළ ගනුදෙනුවට අදාළව එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නවීන් ධනේෂ් නැමැති අයෙකි.

අධිකරණ නියෝග අනුව, ඔහුගේ නිවසේ කළ පරීක්ෂාවකදී එහි තිබි වෙස්ලි ලන්ඩන් සෙවන්ටි සික්ස් ඒ, ඕ හන්ඩ්‍රන්ඩ් ඇන්ඩ් ටු වර්ගයේ බලපත්‍ර නොමැති කුඩා පිස්තෝලයක්, 9mm වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝලයක් , එම උණ්ඩ 20 ක් සහ  එස්.එල්.ජි සිරෝ වන් ටු ත්‍රි රිපිටර් වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇති බව පැවසේ.

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම විසින් නීති විරෝධි ලෙස රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවදවාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...