අද දිවයිනට ගෙන ආ “ලොකු පැටී” බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට!

Date:

රෂිකා හෙන්නායක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින්වි දෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු පැටී” නැමැත්තා බෙලරූස් රාජ්‍යයේ සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන එනු ලැබීය.

සැකකරු බෙලරූස් රාජ්‍යයේ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ත්‍’ – 579 දරණ ගුවන් යානයෙන් අද උදෑසන 07.48ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ.

එම අවස්ථාව සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර,  කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ලොකු පැටී නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව සැකකරු නුගේගොඩ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලොකු පැටී නැමැත්තා පසුගිදා අත්අඩංගුවට ගනු ලැබුවේ බෙලරූස් රාජ්‍යයේදී වන අතර, සැකකරුට එරෙහිව මෙරට අධිකරණවල නඩු 04ක් පමණ විභාග වන බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව ලොකු පැටී නැමැත්තාට එරෙහිව හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතී.
 

සැකකරුට එරෙහිව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක් විභාග වෙමින් පවතින්නේ පිළියන්දල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් හා බරපතල තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්යෙන්. වැලිපැන්න ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ ද තවත් නඩුවක් විභාග වෙමින් පවතින බවද වාර්තා වේ.
 

පොලීසිය පැවසුවේ.  ලොකු පැටී නැමැත්තා විසින් විදේශගතව සිටිමින් මෙරට අපරාධ මෙහෙයවා ඇති බවද අනාවරණය වී ඇති බවයි. ඒ අනුව 2022 වසරේ අගෝස්තු, සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාසවලදී අහුංගල්ල ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් සැකකරු විසින් මෙහයවා තිබෙන බව වාර්තා වේ.

2024 වසරේ ජනවාරි මාසයේදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරියෙකු ඝාතනය කිරීමට තැත් කිරීම ද මෙහෙයවා ඇත්තේ ලොකු පැටී නැමැත්තා විසින් බවත්, 2024 වසරේ ජූලි මාසයේදී අතුරුගිරිය ප්‍රදේශයේදී ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය ද සැකකරු විසින් මෙහෙයවා ඇති බවත්, පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...