කමෝන් නාමල් …!

Date:

මට නම් මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලේ සතේකට වැඩක් නැහැ නාමල් හිටියේ නැත්නම්. එයා පිම්මේ නැගිටල එන එක දකින්න තිබ්බේ නැත්නම් මේ මැතිවරණේ උද්වේගය (එක්සයිට්මන්ට් එක – excitement) නැතුව යනවා. මේ මැතිවරණෙ එකම හයිලයිට් එක සහ කතාකරන්න තියන එකම දේ නාමල්. සහ බිංදුවට වැටිලා තිබ්බ පොහොට්ටුව නැගිටින එක. ඒක අපූරු දේශපාලන අත්දැකීමක්.

මම කියන්නේ පොහොට්ටුවට සහ නාමල්ට විතරක් නෙවෙයි. බලාසිටින අපිට පවා මේ නැගිටීම වැදගත්.

68 ලක්ෂයක චන්ද ගෙඩියකින් චන්ද ලොස් වෙන හැටි අපිට දකින්න පුළුවන් උනත් ඒ චන්ද යන්නේ කොහාටද කියල අපිට දකින්න වෙන්නේ නැහැ නාමල් නැත්නම්. ඒ නිසා සන්ධාන ගහන්නේ නැතුව තනිව ඉල්ලපු එක හොඳයි. දැන් කාගේ කාගේත් හයි හත්තිය පේනවා නේ.

මේක මම දැනගෙන හිටිය වගේම පුරෝකථනය කළා. මගේ ටයිම් ලයින් එකේ පස්සට ගිහින් බලන්න. සහ ඒ වෙනුවන්ම මම වීඩියෝ එකකුත් කළා ‘අපවාදයේ කුමාරයා’ කියල. කිව්වා වගේම ඒ අපවාදයේ කුමාරයා මාරම මෝටිවේෂන් එකකින් වැඩ කරනවා.

වැඩේ අලවෙලා මඩ කාල බේරේ වැවේ නාපු පොහොට්ටුව අද සෑහෙන පමණකින් පෙර වැරදි නිවැරදි කරගෙන වැඩේ ගොඩ දා ගනිමින් ඉන්නවා. ඒකට නායකත්වය දුන්නේ නාමල්. ඒ අභියෝගය මහින්ද මුහුණ දුන්න අභියෝගයට වඩා තරමක් වැඩි දෙයක්. තමන් අතහැර ගිය ගොඩක් අයගේ අවධානය නාමල් මේ වෙනකොට අරගෙන තියනවා. මේ වේගෙන්ම ඉදිරියට ගියොත් නිසැකව 2029 අනික් හැමෝම පහුකරගෙන නාමල් එනවා.

කවුරුවත් රජකම දෙනකල් ඉන්නේ නැතුව නාමල් පොළොවට බැහැල වැඩකරන්න ගත්ත. අරය නිසා අරක කරන්න බැහැ මෙයා නිසා මේක කරන්න බැහැ වගේ දේවල් නාමල් අදාල කරගත්තේ නැහැ. ඒවා අදාල උනේ රනිල් සහ සජිත්ට. ඒ දෙන්න දැන් කාගෙන කාගෙන ගිහිල්ල නැට්ට කොට දෙක විතරයි ඉතුරු.

නාමල් කාටවත් බැන්නේ නැහැ. වෛරී ප්‍රකාශනයක් නැහැ. ප්‍රසන්න පෙනුමක් තියනවා. හිනාවෙලා ඉන්නවා. ඉතාම තරුණයි. කාලය තියනවා.

උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ හදවත් දිනාගන්න තවමත් ඉතුරුවෙලා තියනවා.

ඒ අභියෝගය නාමල් ජයගත්තොත් කවදාහරි රටේ නායකයා වෙනවා.

කමෝන් …!

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...