කොළඹ බලය පිහිටුවන්න සමඟියට අපේ සහයක් නැහැ – ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමඟි ජන බලවේගයට සහය නොදෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි.

සමඟි ජන බලවේගය කළ යුත්තේ ඔවුන්ට ලැබුණු ජන වරමට ගරු කිරීම මිස ඔවුන්ට මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජන වරමක් ලැබී නැති බවයි එම සන්ධානය පවසන්නේ.

මේ වන විට ඔවුන් විපක්ෂයේ සෙසු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට උත්සහ කළද මැතිවරණ ප්‍රචාරක සමයේදී එලෙස එකතුවීමක් ගැන ප්‍රකාශ නොකළ අතර එසේ පැවසුවා නම් ලැබුණු ජන්ද ටිකද නොලැබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය කියාසිටියි.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආණ්ඩුවට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබී ඇති හෙයින් ඔවුන්ට සභාව පිහිටුවීමට ඉඩ දී පසුව නගර සභාව තුළ කෙරෙන කටයුතුවල හො, නරක විවේචනය කරන ලෙස සමඟි ජන බලවේගයට පවසන බවද එම සන්ධානය පවසයි.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් සමඟ ආණ්ඩුව ඩීල් කරන බවට පාර්ලිමේන්තුව තුළ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු පවසා තිබෙන අතර හැකි නම් එම කතාව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ පවසන ලෙස ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...