තව සති දෙක තුනක් යනකොට ඇඟෙනුත් බලය පෙන්වන්නම් – ජනපති අනුර සැරවෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට ලැබී ඇති රාජ්‍ය බලයේ බලවත්කම ඇඟෙන් නොපෙනෙන්නේ යැයි ඇතැමුන් කියන නමුත් තව සති දෙක තුනක් යනවිට ඇඟෙනුත් බලය පෙන්වන ආකාරය කාටත් දැක ගැනීමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ වැරදි කියලා කියන්න තියෙන්නෙ මොනවද ? වචනයක් දෙකක්, ඒ වචනවලට දෙන අර්ථකථන … මේවා විවේචනද ? ගණන් ගන්නවත් එපා. අපි වැඩ කරමින් ඉගෙන ගන්නවා, ඉගෙන ගනිමින් වැඩ කරනවා. මේ බලයේ බලවත් බව පේන්නෙ නෑනෙ ඇඟෙන් … බලයේ බලවත් භාවය අපේ ඇඟෙන් මනින්න එන්න එපා, කරුණාකරලා කියන්නෙ මහත්තුරු. ඒක රෝමයේ වහල් යුගයට අයිති ඇඟේ දේශපාලනය. එහෙම මදියි කියලා කවුරුහරි හිතනවා නම් ඇඟෙනුත් එකක් දෙකක් ඕනා කියලා නම් කියන්න කෙළින්ම. අපට කියන්න කෙළින්ම. එහෙමත් ඕනා නම් කියන්න. ඕනාද ? රයිට්. එහෙනම් තව සති දෙක තුනක් යනකොට බලාගන්න ඒක”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (මැයි 14) කොළඹ විහාර මහා දේවී එළිමහන් රංගපීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර සමරුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...