ගුජරාට් කඩුල්ල පිටුපසට කුසල් කැඳවයි

Date:

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන පිතිකරු කුසල් මෙණ්ඩිස් මෙවර අයිපීඑල් තරගාවලියේ මේ වන විට ඉදිරියෙන් සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එහිි කුඩුලු රකින පිතිකරුවෙක් ලෙස කැඳවන්නට තීරණය කර ඇත.මේ වන විට අයහපත් ආරක්ෂක තත්ත්වය මත කල් දමා තිබෙන අයිපීඑල් තරගාවලිය මැයි 18 දා ආරම්භ වුව ද කුසල් ඒ කණ්ඩායම සමඟ එක්වන්නට නියමිතව ඇත්තේ මැයි 26 වන දා ය.කුසල් එම කණ්ඩායමට හදිසියේ කැඳවන්නට තීරණය කර ඇත්තේ හිටපු එංගලන්ත නායක ජොස් බට්ලර්ගේ නික්ම යාම නිසා ඇති වන හිස් තැනටය.


කුසල් ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති වූ යුදමය තත්ත්වය නිසා තාවකාලිකව නවතා දැමූ පකිස්තානයේ ක්‍රියාත්මක වූ පකිස්තාන ප්‍රිමියර් ලිග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිට එම තරගාවලිය තාවකාලිකව නැවතී ඇති මොහොතක අයිපීඑල් සමග එක්වීම නිසා වසර දෙකකට පකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය තහනම් වන බව ද දක්වා තිබෙනවා.කෙසේ නමුත් ක්‍රීකට් ක්‍රීඩකයෙකුට වෘත්තිමය වශයෙන් ලාභදායී අයිපීඑල් තොරා ගැනීම කුසල්ගේ පෞද්ගලික කාර්යයක් වුවත්,එයින් උපරිම ප්‍රයෝජන නොගතහොත් ඔහුට ඉන්දීය තරගවලිය මෙන්ම පකිස්තානු තරගාවලිය ගැන ද බලාපොරොත්තු අත්හැර දැමීමට සිඳු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...