නූල කැඩුණු සරුංගල් වැනි ලංකාවේ බේස්බෝල් ඉන්දියාවටත් පරාජය වෙයි

Date:

නිශ්මං රණසිංහ මැයි 17, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ බේස්බෝල් කණ්ඩායම සිය පරිපාලනයේ වැරද්ද නිසා ඉරානයේ පැවත්වෙන වෙස්ට් ආසියානු තරගාවලියට සහභාගි වූයේ අවසාන මොහොතේදීය.කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සභාපතිවරයා සම්බන්ධ කර ගන්නවත් නොහැකි වූ තත්ත්වයක විවිධ ක්‍රම මඟින් සංචාරයට මුදල් සෙවීමට මහන්සි වූවා හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවට හෝ නිසි වෙලාවක් නොතිබිණ.


මේ තත්ත්වය නිසා බටහිර ආසියානු තරගාවලියේ දි ශ්‍රී ලංකාවට අමිහිරි ඓතිහාසික පරාජයකට මුහුණ දෙන්න සිඳු විය.මෑත කාලයේදි ද ඩුබායි හී දී ද ශ්‍රී ලංකාවට පරාජය වූ ඉන්දීය කණ්ඩායම බටහිර ආසියානු තරගාවලියේදී තමන්ට වඩා ප්‍රබල ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම 3-2 ක් ලෙස පරාජයට පත් කළේය.මෙය ඉතිහාසයට යන්නේ පසුබිම් කතා කිසිවක් නැතුව ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වූ අවස්ථාව හැටියට පමණි.ඊට හේතු වූ ක්‍රීඩකයන්ට නිවැරදිව පුහුණු සැසිවල නිරත වෙන්න පවා අවස්ථාව නොලැබුණු,ඊට වගකිව යුතු පරිපාලනයට සම්බන්ධ කිසිවෙක් ගැන එහිදී කියවෙන්නේ නැත.
මේ පරිපාලනයට නායකත්වය දෙන්නේ අමාත්‍යවරයා හරහා ශ්‍රී ලංකා රගර් ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කරන ආසියානු රගර් සම්මේලනයේ ප්‍රධානියා ගේ ලාංකේය හිතවතා වන අසංග සෙනවිරත්නය.රගර් ක්‍රීඩාවේ දී ඔහුගේ පරිපාලන කාලය තුළ මිලියන ගණනක් ණය කළේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු නැති වීමත්,ශ්‍රී ලංකාව අපකීර්තියට පත් පවුම් 50000 සම්බන්ධ පරිපාලනයේ සභාපති වුවද ඒ සම්බන්ධයෙන් හෝ කිසිවක් නොකරන වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා බේස්බෝල් සභාපතිවරයා ලෙස වගකීමක් නැතුව හැසිරීමට ද කිසිවක් නොකරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
රට ගැන වගකීමක් වගවීමක් නැති පරිපාලකයන් ලෙස කොතෙක් ඔප්පු කර ඇති වුව ද,වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයා වැරදිකරුවන් මූලිකත්වයේ තබාගෙන ඔවුන්ගෙන් උපදෙස් ලබමින් සිටිනු විනා ක්‍රීඩකයින් සහ ලාංකේය ක්‍රීඩාව අසරණ කරන නිලධාරීන්ට තව දුරටත් අවස්ථාවන් නිර්මාණය කරමින් සිටින්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...