නාවික හමුදාවෙන් තවත් උදාර සේවයක්!

රෂිකා හෙන්නායක මැයි 17, කොළඹ LNW :

මැයි මස 08 වැනි දිනට යෙදුනු ලෝක තැලසීමියා දිනයට සමගාමීව, නාවික හමුදා සාමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 400ක්, රෝගීන් වෙත නොමිලේ බෙදාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම, 2025 මැයි මස 16 වැනි දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී සිදුකෙරුණු බව පැවසේ.

තැලසීමියා රෝගීන් වෙත ප්‍රතිකාර කිරීම සඳහා අඛණ්ඩව රුධිර පාරවිලයනය සිදුකිරීමේදී ශරීරය තුල තැම්පත්වන අධික යකඩ ප්‍රමාණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ඖෂධ එන්නත් කිරීම වෙනුවෙන් තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර භාවිතා කරනු ලබන බව පැවසේ.

ඒ අනුව, වෙළඳ පොලේ ඉහල මිලක් වන මෙම තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර ඉතා අඩු පිරිවැයක් යටතේ නියමිත ප්‍රමිතියෙන් යුතුව දේශීයව නිපදවා රෝගීන් වෙත නොමිලේ බෙදා දීමේ අරමුණෙන්, නාවික හමුදා සාමාජීය වගකීම් අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සමාජීය මෙහෙවරක් ලෙස තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය නාවික හමුදාව විසින් 2011 වර්ෂයේදි ආරම්භ කෙරුණි.

එමෙන්ම, 2025 මැයි මස 16 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් තැලිසීමියා නික්‍ෂේපණ යන්ත්‍ර 400ත් සමඟ, නාවික හමුදාව මේ වන විට තැලසීමියා නික්‍ෂේපණ යන්ත්‍ර 3564ක ප්‍රමාණයක් රෝගීන් වෙත ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වන විටත්  භාරදීමට කටයුතු කර ඇත.

තවද, නාවික හමුදාව මෙම සමාජීය මෙහෙවරෙහි අඛණ්ඩව වසර 14ක් නිරතවන බැවින්, එවැනි යන්ත්‍ර ආනයනය වෙනුවෙන් වැයවන විශාල මුදල් ප්‍රමාණයක් රට තුල ඉතිරි කර දීමටද අඛණ්ඩව දායක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...