*
Sunday, May 18, 2025
spot_img

Latest Posts

අශෝක ජයතුංග e කොළම.

මාළිමා ව්‍යාධිය.....?

🍎රටේ ගැටලු

🍎තමන් කිසිදු පසුබෑමකට ලක්නොවූ බව සිතන විසදනවා වෙනුවට  විපක්ෂය පට්ට ගැසීම…..?

🍎ජනපති ඉතා හොද බවට මුරුංගා අත්තේ තබන අයගේ දෙබිඩි බව…….?

🍎ජනපති යන වැරදි පාරේ සෙසු අය ද ගමන් කිරීම…….?

🍎චෝදනා කිරීම වෙනුවට රටට වැඩ කිරීම ඇරඹීමට බැරි වුණොත්….?

🍎ණය ගෙවීමට පහසු රටක් බිහි නොවුණොත්….?

🍎විවේචන පමණක් නොව රට ගොඩදැමීමේ හැකියාව පෙන්වීමේ අවශ්‍යතාව…..?

🍎මාළිමාවේ වැඩ බැරිකම තුළ විපක්ෂ එකමුතුව දුරදිග යාම…..?

[කප්පරක් පොරොන්දු දෙමින් හිටපු සියලු ආණ්ඩු හොරු හා අදක්ෂයන් බව දිවා රෑ මතුරමින් තමන් ඉතා දක්ෂ හා අවංක අය බවට මත පතුරවමින් බලයට පත් මාළිමාව තමන් කිසිදු නිර්මාණතේමක හැකියාවක් වැඩ පිළිවෙලක් නැති පිරිසක් බව සනාථ කරමින් සිටින බව දැන් බහුතරයකගේ මතයවීම කනගාටුදායක පසුබිමකි.

එහි අතුරු ළුලය වූයේ මාස 06 කදී පැවැති පළාත් පාලන ඡන්දයෙන් මාළිමාව පසුබැසීමකට ලක්වීමය.වලකට වැටීම වාසියක් බව කියවෙතත් මාළිමාවේ නායකයන්ගේ සිට දායක සභාව දක්වා සිතන්නේ තමන් කිසිදු පසුබෑමකට ලක් නොවූ බවය. ගෙවුණු මාස කිහිපය තුළ වචනයක දෙකක වැරදීමක් මිසක තමන්ගෙන් කිසිදු වැරැද්දක් නොවී රටට පෙර නොවූ විශාල සේවයක් ඉටුවී ඇති බවය.

එහෙත් ඇත්ත එයදැයි මාළිමාව තේරුම් නොගැනීම ඹවුන්ට මෙන්ම රටට ජනතාවට ද අවාසියකි. හාල් විදුලි පාතාල කුඩු මිණීමැරුම් ලුනු මෙන්ම උතුරු පළාත ආදී ක්ෂ්‍රේත්‍ර රැසක් අද ජාතික ප්‍රශ්න බවට පත්ව තිබේ. ඒවාට විසදුම් දීම වෙනුවට කටින් බතල සිටුවීම පමණක් සිදුවීම කනගාටුදායකය. ගෙවුණු මාස 07 ට බෝක්කුවක්වත් නොහැදූ,පච හා කයිවාරු පමණක් ඇති වැඩබැරි ආණ්ඩුවක් ලෙස වර්ගවීම මාළිමාවට ඉතා අවාසියකි.

ජනපති ඉතා හොද අවංක පච නොකියන දැවැන්ත ප්‍රතිරූපයක් සහිත දක්ෂ පුද්ගලයා බවත් ඔහු නැතිනම් ආණ්ඩුවක් නැතය. සෙසු සියලු දෙනා අපතයන්ය යන මතයක් ඇතැමුන් ප්‍රසිද්ධියේ සමාජගත කරති.එය ආණ්ඩුව නොමග යවා ජනපති ද මුරුංග අත්තේ තැබීමකි. එසේ ජනපති ගැන කියන  අයම ඔහු ගැන අප්‍රසිද්ධියේ දක්වන්නේ ඔහු ද ඉතා දුබල වැඩ බැරි පච කියන අයෙකු බවය. ආණ්ඩුවේ සෙසු පිරිස් එම අසුබවාදී තැනට වැටුණේ ජනපති මැතිවරණ වලට කළින් සිටම අනුගමනය කළ එම වැරදි හා හානිකර පිළිවෙත් නිසා බවටද පවතින විග්‍රහයමාළිමාව උකහා ගැනීම වැදගත්ය. ඒ තුළ එම දැවැන්ත අඩුපාඩුව හදාගත යුත්තේ ජනපතිගේ සිටම බවට අදහස් පළවීම බැහැර කළ නොහැක්කකි.

ජවිපෙ 60 වන සංවත්සරයේදී ජනපති කළ කතාව ද ඔහුට ගැලපෙන එකක් නොවන බවට මත පළවෙි. කෙදිරි ගාන්න එපා, අඬ අඬා යනවා වැනි පහත් යෙදුම් යක්ෂ මුහුණු ආරෝපණය කරගනිමින් ඔහු කියන්නේ කවර පදනමින්දැයි සිතා ගැනීම අසීරුය. විපක්ෂයට එදා මෙන්ම අදත් බැනීම හා චෝදනා කිරීම හැර චෝදනා වලට අදාළ පියවර ගැනීමක් සිදුවන්නේ නැත. එක්කෝ කියන්නේ බොරුය. නැතහොත් යක්ෂ මුහුණු පෙන්වමින් කතා කළ ද මෙම දෙපිරිස අතර යම් ඩීල් එකක් තිබිය හැකිද යන්න ජනතාව තුළ මෝරන මතයකි.

රටට අවශ්‍ය විපක්ෂයට චෝදනා කිරීම් බැන වැදීම් පමණක් නොව නිෂ්පාදනය වැඩිකර අපනයන උපරිම කොට ආයෝජන ගෙන ඒම රැකියා සුලභ කිරීම වැනි දේ හරහා රටේ ආර්ථිකය නගාසිටුවීමය. 2028 ණය ගෙවීමට පහසු රටක් නිර්මාණය කිරීමය. කටින් නොව හැබැහින් රටට අවශ්‍ය එම වැඩ පිළිවෙල ඉටු කිරීමට ජනපති හා ආණ්ඩුවේ අය වහාම උනන්දුවීම අත්‍යවශ්‍යය. විපක්ෂයේ සිට විවේචන කිරීමට පමණක් නොව රටක් ගොඩදැමීමේ හැකියාවද තමන් සතු බව මාළිමාව රටට ඔප්පු කළ යුතුව තිබෙන්නේ එහෙයිනි.

මන්ද රනිල් සජිත් නිමල් නාමල් දිලිත් ගම්මන්පිළ ලා සමඟ චන්ද්‍රිකා මහින්ද මෛත්‍රීලා ගේ එකමුතුවක් දුරදිග යයි නම් එම බර අවි ප්‍රහාර වලට ලක්වන්නේ මාළිමාව වීමය.

Ashoka Jayatunga

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan