‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු බන්ඩාරනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

රුපියල් මිලියන 79ක වටිනාකමින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

වයස අවුරුදු 21ක් වූ සැකකරු, බැංකොක් සිට ක්වාලාලම්පූර් හරහා පැමිණි මැලේසියානු ගුවන් සමාගමේ MH0179 ගුවන් යානයෙන් පැමිණි අතර, ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 7.91 ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය. 

රේගු නිලධාරීන් සඳහන් කර සිටියේ ,එහි වටිනාකම රුපියල් මිලියන 79 ක් පමණ වන බවයි. රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් මේහි විමර්ශන මේ වනවිට පවත්වනු ලබන අතර සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයට භාරදීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...