සැළලිහිණිගම නිවසක තිබී පතරොම් හා තවත් යුධ උපකරණ තොගයක් හමුවෙයි!

රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී, වවුනියාව, සැළලිහිණිගම ප්‍රදේශයේ නිවසක තිබී පතරොම් හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ. 

පොලීසිය පැවසුවේ, එහිදී ටී-56 වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් 296ක්, ටී-56 ගිනි අවි සඳහා පුහුණුවීම්වලදී යොදා ගන්නා පතරොම් 124ක්, එම්-16 වර්ගයේ පතරොම් 19ක්, ෂොට්ගන් ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් 27ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළ ඇදුම් කොටස් 12ක් සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...