*
Thursday, May 22, 2025
spot_img

Latest Posts

4වැනි චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය ජුනි මස චීනයේදී!

කොළඹ LNW:4වැනි චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන ජුනි මස 12වැනිදා සිට 15වැනිදා දක්වා මධ්‍යම චීනයේ Hunan පළාතේ Changsha නගරයේදී පැවැත්වීමට නියමිතයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

“නවීකරණය සාක්ෂාත් කරගැනීමට චීනය හා අප්‍රිකාව ඒකාබද්ධව කටයුතු කිරීම” එහි ප්‍රධාන තේමාව බව චීන වාණිජ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Tang Wenhong මහතා එහිදී පැවසුවා.

මෑත වසර තුළ චීන-අප්‍රිකා දෙපාර්ශ්වයේ නායකයන්ගේ උපායමාර්ගික මඟ පෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සහයෝගිතා අඛණ්ඩව නව වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙන අතර වෙළඳාමේ පරිමාණය ස්ථීර වර්ධනයක පවතින බව හෙතෙම කියා සිටියා.

ඔහු සඳහන් කළ පරිදි, 2024 දී, චීන-අප්‍රිකානු වෙළඳ පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 295.6 දක්වා ළඟා වූ අතර එහි වාර්ෂික වර්ධනය 4.8% ක්. එමෙන්ම චීනය වසර 16 ක් පුරා අඛණ්ඩව අප්‍රිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස කටයුතු කරනවා.

චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන-අප්‍රිකා “හවුල්කාරිත්ව ක්‍රියාමාර්ග දහය” පිළිබඳ ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කිරීම කෙරෙහි ද මෙවර ප්‍රදර්ශනයේදී අවධානය යොමු වනු ඇතැයි ද Tang Wenhong මහතා සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan