නිළි රැජිණ මාලනිය වෙනුවෙන් ජනපති තැබූ ෆේස්බුක් සටහන!

Date:

කොළඹ LNW:අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ශෝක සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය, ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනාගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසින් වන බවයි.

ඇය දිවි සැරිය නිම කරනුයේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක නොව වේදිකා නාට්‍ය, සිනමාව, සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන් හී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙස බවත් ජනාධිපතිවරයාගේ සටහනෙහි සඳහන්.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සටහන පහතින්,

1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය.

ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි. දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...