ස්වාමියාගේ ජනාධිපතිකම් අදාල නැති බිරිඳක්! (වීඩියෝ සහිතයි)

Date:

සටහන – පුලී
මැයි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඉකුත් ඉරිදා සවස වියට්නාමයේ හැනෝයි හි දී එම්මානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ ගුවන් යානයේ දොරටුව අසල සිටියදී සිය බිරිඳ විසින් ඔහුගේ මුහුණ පසෙකට තල්ලු කරන අවස්ථාවක් දැක්වෙන දර්ශනයක් විදෙස් මාධ්‍ය කැමරා කාචයක සටන් වී තිබෙනු දක්නට ලැබිණි.

විඩියෝ පටයෙහි දැක්වෙන පරිදි බ්‍රිජිට් මැක්‍රොන් බොහෝ දුරට එහි නොපෙනී සිටින අතර, ඇය මැක්‍රොන් තල්ලු කරන විට ඇගේ දෑත් පමණක් එහිදී දිස් විය.

ප්‍රංශ ජනාධිපතිවරයා මුලින් තිගැස්සී ගිය බවක් පෙනෙන්නට තිබුණමුත් ඉක්මනින් සන්සුන් වී පහත කැමරාවලට අත වනන ආකාරය දක්නට විය.

එලෙස කැමරාවේ සටහන් වූයේ “ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සංචාරය ආරම්භ කිරීමට පෙර අවසන් වරට විහිළු කරමින් විවේක ගනිමින් සිටි මොහොතක්” බවත් මැක්‍රොන් පැවසුවේ කේස් එක ශේප් කිරීමට මෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...