කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්. කෙහෙළියගේ දියණියගේ බැංකු ගනුදෙනු ගැනත් විමර්ශන

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා ජුනි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහුව අත් අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළව ය.

මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවත් එය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිතා කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අධිකරණයට දන්වා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළහ.

එහිදී විත්තියේ නීතීඥවරයා පැවසුවේ තම සේවාදායකයාට අදාළ බැංකු ගිණුම හිමි වුවද එය භාවිතා කළේ අමාත්‍යවරයාගේ දියණිය බවත් එම ගිණුමට පෞද්ගලික පාර්ශවයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව පිළිගන්නා නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බවත් ය. එසේම මෙම ගිණුමට අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත් එම නීතීඥවරයා ඉල්ලා සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් එම කරුණු ප්‍රතික්ෂේප කළ අතර අනුව විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලබන 03 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...