වැස්සට සේදුණ දවසක එකම ජය නුගේගොඩට

Date:

නිශ්මං රණසිංහ මැයි 30, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර විස්සයි විස්ස තරගාවලියේ තරග හයක් මැයි 28 වන දා පවත්වන්නට යෙදුණ අතර ඉන් එක් තරගයක් හැර සෙසු තරග පහම වර්ෂාව නිසා අතහැර දමන්නට සිඳු විය.නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ චිලව් මේරියන්ස් කණ්ඩායම් අතර තීරණය විසදුණ තරගයද වර්ෂාවේ බලපැම් මත පන්දු ඕවර් 15 ට පමණක් සීමා වූ තරගයක් විය.


එහිදී පළමුව පන්දුවට පහර දුන් නුගෝගොඩ කණ්ඩායම පන්දු ඕවර් 13 නිමාවේදී කඩුලු 6 දැවී ලකුණු 110 ක් ලබා ගන්නට සමත් විය.නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 57 ක් ලබා ගන්නට සමත් වූ අතර චිලව් මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂම්මු අශාන් ලකුණු 25 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණෙන පන්දු යැවීමක නිරත විය.


පිළිතුරු ඉණිම වෙනුවෙන් චිලව් මේරියන්ස් කණ්ඩායම පන්දු ඕවර් 13 නිමාවේ දී ලබා ගත්තේ කඩුලු 8 ට ලකුණු 97 ක් පමණි.එම කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් කැඳවා යාමට උත්සාහ දරමින් සකුණ ලියනගේ 30 ක් ලැබූ අතර ලකුණු 30 ක් ලබා දී පන්දු ඕවර් 3 ක් තුළ කඩුලු 3 ක් දවා ගන්නට නුගේගොඩ කණ්ඩායමේ අකිල දිල්ෂාන් සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබිලා නෑ – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : රජය ආපදාවෙන් පීඩාවට...

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...