ඊශ්‍රායලය විසින් බටහිර සිරියාවට ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඊශ්‍රායලය විසින් බටහිර සිඉර්යාවේ වෙරළබඩ නගරයක් වන ලටාකියා හා ටාටස් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාර හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ අසල්වැසි රටවල් අතර ගැටුම විසඳා ගත හැකි බවට දමස්කස් හි එක්සත් ජනපද නියෝජිතයා ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය.

ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් ඊශ්‍රායල් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සිරියාවේ ලටාකියා ප්‍රදේශයේ ජාත්‍යන්තර සහ ඊශ්‍රායල සමුද්‍රීය නිදහසේ නාවික කටයුතුවලට තර්ජනයක් වන වෙරළබඩ මිසයිල අඩංගු ආයුධ ගබඩා පහසුකම්වලට පහර දුන් බවයි.

සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනය පැවති සමයේදී සහ ඔහු බලයෙන් පහ කිරීමෙන් පසුව ඊශ්‍රායලය සිරියාවේ නිතර ප්‍රහාර එල්ල කර ඇති අතර නව අන්තර්කාලීන ජනාධිපති අහමඩ් අල්-ෂාරාගේ පරිපාලනය ගැන ඔවුන් කනස්සල්ලට පත්ව සිටින අතර එය ජිහාඩ්වාදී ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...