නිශ්මං රණසිංහ මැයි 31, කොළඹ LNW:
අප විසින් යුපුන් අබේකෝන් මීටර් 100 සහය දිවීමේ තරගය පිළිබද පළ කළ අදහස් පාදක කරගෙන ලියූ සටහන සම්බන්ධයෙන් මෙරෝන් විජේසිංහගේ පුහුණුකරු වූ විමුක්ති ද සොයිසා ද කතා කර අදහස් දැක්වීමක් කළා.පෞද්ගලිකව ඔහු හෝ ඔහුගේ ක්‍රීඩකයා අපහසුවට පත් කිරීම අපේ අරමුණ නොවන බව ඔහුගේ සහ ඔහුගේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළින් අගයමින් ක්‍රියා කර ඇති විශ්වාසය ඔහු තුළ නො‘අඩුව තිබුණා.ඒ නිසා පළ නොකළ යුතු බවට ගිවිස ගත් කරුණු මේ මොහොතේත් පළ නොකර අපගේ සටහන සම්බන්ධයෙන් ඔහු කී දෑ පමණක් පළ කරන්නට අප තීරණය කළා.
ඔහුට එහි සිටින කිසිවෙකුත් සිය ක්‍රීඩකයාගේ තත්ත්වය පිළිබඳව දන්වා තිබුණේ නැහැ.මෙය කිසිසේත්ම යුපුන් අබේකෝන්ට අදාළ නැති නිලධාරීන් විසින් කළ යුතු කාරණයක්.ඔහු ඒ බව දන්වා සිටිමින් තමා පුහුණුකරුවෙකු ලෙස සංචාරය කරන අවස්ථාවලදී තමා සමඟ සිටින ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන්ට ඒ ආකාරයට දන්වා ඇති බව ද පැවසුවා.
ඒ තත්ත්වය මත ඔහු මුහුණු පොතේ පළ කළ පුවතකට කෙනත් නම් අයෙකු දැක් වූ අදහසකට ප්‍රතිචාර දක්වමින් මෙරොන්ට ආබාධයක් නොමැති බවත් ඔහු අවසාන තරගය දිවීමට සූදානම්ව සිටි බවත් පවසා තිබුණා.ඊට පාදක වූවේ සිය ක්‍රීඩකයා තමන්ට දැක් වූ අදහස් බව ද පුහුණුකරු විමුක්ති පවසනවා.
අප ඔහුට පැහැදිළි කළේ යුපුන්ගේ සහ විමුක්තිගේ අදහස් දැක්වීම් අතර ඇති වෙනස ගැන පරීක්ෂණයක් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව මීට පෙර ද පරීක්ෂන පැවත්විය යුතු බවට යෝජනා කළ ද පරීක්ෂණ ක්‍රියාත්මක නොවුණු කාරණාවලට තවත් එකක් එකතු කිරීමක් පමණක් බවයි.අප මීට වසර ගණනකට පෙර ලෝක සූරතාවලියකට සහභාගි වන්නට ගිය යොවුන් ක්‍රීඩිකාවන්ට වීසා පමා කර ඇති වූ ප්‍රශ්නයේ සිට මෑත කාලයේ ආසියානු මට්ටමේ දී ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ඉසව් අහිමි වීම දක්වාම අප කරන ලද මෑත ඉතිහාසයට අදාළ කරුණු මෙන්ම ඊට පෙර සිටම අප මාධ්‍ය භාවිතය ගැන දන්නා විමුක්ති,මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමේ වැදගත්කම ගැන අවබෝධ කර ගනු ලැබුවා.අවබෝධයෙන් නොනැවතී එය කළ යුතු බවට ද අදහස් පළ කළා.
විමුක්ති ඉතිහාසයේ සිට අප කළ මාධ්‍ය භාවිතාව සහ ජනප්‍රියත්වය අපේක්ෂාවෙන් නොකරන ලද මැදිහත්වීම් ගැන ද දන්නා අයෙකු ලෙස ඒ ඉතිහාසය සිහිපත් කිරිම ගැන ද ස්තූතිවන්ත වන අතර ඇත්තටම සිඳු ව ඇති දේ ගැන පරීක්ෂනයක් කිරීමේ වැදගත්කම තේරුම් ගෙන ඔහු එකඟවීම ගැන ද කෘතඥතාවය පුද කරනවා.දැන් ඇත්තේ ක්‍රිඩා අමාත්‍යංශය හෝ මලල ක්‍රීඩා සංගමය හෝ එම වයහුයන් දෙකම එක්ව හෝ මේ ගැනවත් ඇත්ත තත්ත්වය මලල ක්‍රීඩා ප්‍රේමීන්ට දැන ගන්නට සැළස්විමයි.
