මුළු රටක් ආඩම්බරයට පත් කළ දියණිය අනුදි ඔබට සුබ පැතුම් – හිටපු ජනපති මහින්ද

Date:

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW :

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ,72 වැනි ලෝක රූ රැජන තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකරට සුබ පැතුම් එක්කර තිබේ.

එම සටහන පහතින් දක්වා ඇත.

” ලෝකයම  පුදුමයට පත්කළ ලෝක උරුමයක් ලෙස සැලකෙන අනුරාධපුරයෙන්, ලොවක් ඉදිරියට යමින් මුළු රටක් ආඩම්බරයට පත් කළ  අනුදි ගුණසේකර දියණියට මා ද බිරිඳ ශිරන්ති ද සුබ පැතුම් පිරිනමමු.   

72වැනි ලෝක රූ රැජින තරගාවලියේ අභියෝගාත්මක වට රැසකට මුහුණ දෙමින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව ඉහළින්ම ඔසවා තැබූ ඔබ මේ වන විටත් ඔබේ මව් රටත්, ශ්‍රී ලාංකික අප සැමවත් දිනවා අවසන් බව මගේ හැඟීමයි.

‘සහේලි පදනම’ හරහා කාන්තාවන් සවි බල ගන්වමින්, සංවේදී මෙන්ම මානුෂීය සමාජයීය කරුණු සම්බන්ධයෙන් ඔබේ කැපවීම ඉතා ප්‍රශංසනීය බව කිව යුතුය.

දියණියකගේ අගය මම හොඳින් දනිමි. මේ රටේ වගකිවයුතු මුල් පුරවැසියෙකු ලෙසින් රටේම දියණි වරුන් වෙනුවෙන් මට හැකි උපරිමයෙන් කටයුතුකර ඇතැයි මා විශ්වාස කරනවා. 

රූපයෙන් ද, බුද්ධියෙන් ද, මානුෂීය ගුණාංගයන්ගෙන් ද පරිපූර්ණ ශ්‍රී ලාංකික දියණියකගේ ශක්තිමත් පෞරුෂයෙන් හා සුන්දරත්වයෙන් යුතුව අවසන් වටය සඳහා මුහුණ දෙමින් ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට හැකි වේවායි ආදරණීය පියෙකු ලෙස සෙනෙහසින් මම ප්‍රාර්ථනා කරමි. 

ඔබ අනුදි ගුණසේකර පමණක් ම නොවේ. 

ඔබ අරමුණ අත්නොහරිමින් සිහින හඹා යන මේ රටේ සියලුම දියණි වරුන්ගේ ද, අභියෝග වලට නොසැලී මුහුණ දෙන ශ්‍රී ලාංකික සැමගේ ද නියෝජනයයි. 

අද ලෝකය ම ඉදිරියේ ශ්‍රී ලංකා ධජය නියෝජනය කරන්නේ ද ඔබයි.

අනුදි ගුණසේකර දියණිය දෙස ශ්‍රී ලාංකික අප සැම විශ්වාසයෙන් හා සතුටින් යුතුව බලා සිටිමු. ඔබට තෙරුවන් සරණයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...