කොළඹ නගරසභාවේ බලය මාලිමාවට ගියත් සජබට ගියත් නියෝජ්‍ය නගරාධිපති දිලිත්ගෙන් ?

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ පැහැදිලි බහුතරයක් ලබාගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් නොලැබුණු බැවින් එහි පාලනය පිහිටුවන්නේ කවුරුන් විසින්ද යන්න තවමත් ප්‍රශ්නයක් වී තිබේ.

ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගය තනිවම කොළඹ මහ නගර සභාවේ ආසන 48ක් දිනාගෙන සිටින අතර විපක්ෂයේ සියලුම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල එකතුව ලෙස මන්ත්‍රී ආසන 69ක් තිබේ. ඒ අනුව ජාජබ සහ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අනෙකුත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එකතු කරගෙන කොළඹ බලය පිහිටුවීමේ සටනක නියැළී සිටිති.

මෙහිදී ඇතැම් කුඩා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනටමත් මෙකී ප්‍රධාන පක්ෂ දෙක සමග යම් යම් එකඟතාවන් ඇතිකරගෙන සිටින හෙයින් කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලයට ලැබුණු මන්ත්‍රී ධුර දෙක තීරණාත්මක සාධකය බවට පත්ව ඇති බව සඳහන්.

ඒ අනුව දිලිත් ජයවීර මහතා සමග ඒ පාර්ශ්ව දෙකම සාකච්ඡා කර ඇති බවත් එහිදී දිලිත්ගේ පාර්ශ්වයෙන් කොන්දේසියක් ඉදිරිපත්ව ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. ඒ, කොළඹ බලය පිහිටුවීමට නම් සර්වජන බලයේ කොළඹ නාගරික මන්ත්‍රී රිෆ්කි බදූර්දීන්ට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදිය යුතු බවට ය.

රිෆ්කි බදූර්දීන් යනු කුප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් මීට පෙරත් මාධ්‍ය තුළ විවිධ ආන්දෝලනාත්මක පුවත් පළවී තිබෙනු දක්නට ලැබිණි.

කෙසේවෙතත් පවතින තත්වය අනුව කොළඹ මහ නගරසභාවේ බලය කවුරුන් පිහිටුවූවත් නියෝජ්‍ය නගරාධිපති ධුරය දිලිත්ගේ නියෝජිතයාට යන වාතාවරණයක් දැනට නිර්මාණය වී ඇති අතර ලබන 16 වනදා මෙහි තත්වයට හරියටම දැනගැනීමට කාටත් හැකිවනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...