රජයේ පශු වෛද්‍යවරුන්ටත් ප්‍රශ්න : පැය 24ක වැඩ වැරුමක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW :

මේ වනවිට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

අද උදෑසන 06ට ආරම්භ වූ වැඩවර්ජනය හෙට උදෑසන 06 දක්වා ක්‍රියාත්මක බව එම සංගමයේ ලේකම් සිරිමෙවන් ගුණවර්ධන මහතා පවසයි .

ඔහු සදහන් කළේ , පශු වෛද්‍ය නිලධාරීන් වසර ගණනාවක සිට මුහුණ දෙන ප්‍රධාන වෘත්තීය ගැටලුවක් වන නව වස්වා ව්‍යවස්ථාවක් අනුමත නොකිරීම සහ තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එහි ලේකම් සිරිමෙවන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සත්ත්ව නිරෝධායන අංශය, වනජීවී පශු වෛද්‍ය ඒකක සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩකටයුතු එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩපණ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW : ඉකුත් 2014 වසරේ...

කැටිපෙගේ ”විනිවිද කළුවර දිදුලන හදවත” එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු,සාහිත්‍යවේදියෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වන විමල්...

ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් බදුල්ලට!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: ELLA WEEKEND EXPRESS නමින්...