සිර දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ඇමති නලින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් තමන්ට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් සහ දඩ මුදල් නියම කරමින් ලබාදුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබේ.

ඒ අනුව එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.

2015 ජනාධිපතිවරණ සමයේ කැරම් බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් වැරදිකරුවකු බවට තීන්දු වුණු සතොස හිටපු සභාපති, හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුට පසුගියදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් වසර 25 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ දඩ මුදල් ද ගෙවීමට නියම කරන ලද අතර ඔහු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවා සිටී.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට ද මෙම නඩුවෙන් සිර දඬුවම් නියම වූ අතර ඔහු ද එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...