දරුවන් සහ ගොවියන් වෙනුවෙන් නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ පහක ආධාරයක්!

Date:

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානම් කාණ්ඩයේ සිටින දරුවන්ට හා ගොවියන්ට ආහාර අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් නවසීලන්තය ඩොලර් ලක්ෂ පහක මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍ය නනයිනා මහුටා පවසන්නේ එම මූල්‍ය ආධාරය ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා මෙරටට ලබා දෙන බවයි.

මේ අතර නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වසර 30කට අධික කාලයක් පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැන සනහන් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කරන්නේ මෙම සම්පූර්ණ කාලය තුළ එරටින් මෙරටට ඩොලර් මිලියන 25.7ක සංවර්ධන ආධාර ලබා දී ඇති බවයි.

පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය වැඩි වී ඇති බව පෙනෙන්නට තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...